February 26, 2026
International NewsNews

මහා බාධක කොරල් පරය මියයයි!

සඳේ සිට දැකිය හැකි පෘථිවියේ ජීවත්වූ එකම ජිවියා බවට සැලකූ සමස්ත බ්‍රිතාන්‍යයේ ම වර්ග ප්‍රමාණයටත් වැඩි වපසරියක් අත්පත් කරගෙන සිටි මහා බාධක කොරල්පරය මිය ගොස් ඇති බව නිල වශයෙන් විද්‍යාඥයින් විසින් දන්වා ඇති බව මාධ්‍ය වාර්තා පවසා සිටී.

මේ ශෝකජනක පුවත නිල වශයෙන් ලොවට දැනුම් දුන් විද්‍යාඥයින් පූර්විකාවක් ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේ, “මිනිසා සහ කාලය විසින් ඝාතනය කළ ලොව විශාලතම ජීවියා” ලෙස හඳුන්වාදෙමිනි.
මහා බාධක කොරල්පරය, නිල වශයෙන් මියගිය බව පිළිගන්න විට එය වසර මිලියන 25 ක ආයු කාලයක් ගෙවා තිබුණු බව එම විද්‍යාඥයෝ පවසති.

දූපත් 1,050 ක්, මසුන් හැර ජීවී වර්ග 1,625 ක්, මසුන් වර්ග 3000 ක් සඳහා වාසස්ථාන සැපයූ සැතපුම් 1,400 ක් දිග කොරල්පරය, මින් මතු ජීවින් කිහිපදෙනෙකුට පමණක් නිවසක් වශයෙන් පමණක් භාවිත කළ හැකි සැකිල්ලක් බවට පත්වී ඇති බව විද්‍යාඥයෝ වැඩිදුරටත් පවසති . ලොව සිටින තල්මසුන් අතරින් වර්ග 30 ක් ම තම වාසාස්ථාන්ය බවට පත් කර ගෙන ඇත්තේ මේ මහා බාධක කොරල් පරය ආසන්නයේ පිහිටි මුහුදයි. කොරල්පරයේ ජීවය මත යැපුණු ජීවින් වර්ග 600 ක් පමණ මේ කොරල් පරයේ අවසානයත් සමඟ මෙලොවින් සමුගෙන ඇත.

මේ වනවිට හෙළි වී තිබෙන කරුණු අනුව කොරල්පරය මෙසේ මිය යාමට ප්‍රධාන හේතුන් වන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු සමුද්‍රයට එකතු වීම මෙන් ම කර්මාන්තශාලා අපද්‍රව්‍ය බව විද්‍යාඥයෝ පවසති.

lanka lead news

Related posts

Online Doller වලට අපි බදු ගැහුවෙ නෑ.. තිබුන බද්ද අඩු කර සහනයක් දුන්නා..- නි. ඇමති

Maimoonar

පාසැල් අදියර කිහිපයකින් අරඹන්නේ මෙහෙමයි..

Maimoonar

පියා විසින් දුෂණය කල දියණිය දරුවෙකු බිහි කරයි.. වසර 12ක් සිර දඬුවම්…

Maimoonar

776 comments

Comments are closed.