29.5 C
Colombo
February 12, 2026
NewsPolitical

මම මහ පොලොවෙන් මතුවුන කෙනෙක්.. මට සීත කාමරවලට වෙලා වැඩ කිරීමේ පුරුද්දක් නැහැ

ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා පසුගිය දිනවල කර්මාන්ත කරුවන් සහ ශිල්පීන් හමුවීමට ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය.

අමාත්‍යවරයා මෙම ක්ෂේත්‍ර චාරිකාවට පෙර ග්‍රාමීය කර්මාන්ත කරුවන් සහ ශිල්පීන්, වෙන් වෙන් වශයෙන් තම අමාත්‍යාංශයට ගෙන්වාගෙන ඔවුන්ගේ ගැටළු සහ යෝජනා පිළිබඳව සාකච්ඡා කළේය. එහිදී අවධානයට ලක්වුණු කාරණා පිළිබදව වැඩි දුරටත් අධ්‍යනය කිරීමට සහ පැමිණීමට නොහැකි වූ කර්මාන්ත කරුවන් හා ශිල්පීන් හමුවීම මෙම අධ්‍යයන චාරිකාවේ ප්‍රධාන අරමුණ විය.

ඒ අනුව කැළණිය වරාගොඩ, සෙරමික් ආයතනය, යක්කල වීරගුල මැටි ලම්මානය, ගලිගමුව බල්ලපාන මැටි ගම්මානය, කෑගල්ල මොලගොඩ මැටි ගම්මානය , පිළිමතලාව පිත්තල ගම්මානය, මහනුවර පොල්ගොල්ල බතික් පුහුණු මධ්‍යස්ථානය, මහියංගනය හෙබරව හා දෙහිගොල්ල මැටි ගම්මානය, බිබිල නාගල වේවැල් ගම්මානය, ඉකිරියන්ගල මැටි ගම්මානය, අයිවල වේවැල් කර්මාන්ත ශාලාව, නන්නන්පුරාව වේවැල් පුහුණු මධ්‍යස්ථානය සහ උඩවලව කොවුල්ආර සෙරමික් පුහුණු මධ්‍යස්ථානය, යන ස්ථාන අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට යොමු විය.

එම ස්ථානයන් වලදී තම අදහස් දැක් වූ ග්‍රාමීය කර්මාන්ත කරුවන් සහ ශිල්පීන් ප්‍රකාශකර සිටියේ තමන් පරම්පරා ගණනාවක සිට මෙම කර්මාන්තවල යෙදී සිටියත්, තමන් මුහුණපා සිටින ගැටලු ගැන සොයා බැලීමට තමන්ගේ ගමටම, පැමිණි එකම අමාත්‍යවරයා ප්‍රසන්න රණවීර බවත්ය.

ඒ වගේම තමන්ට ඇති ප්‍රධාන ගැටලුව අමුද්‍රව්‍ය සපයා ගැනීම සහ ප්‍රවාහනයේදී මුහුණ පෑමට සිදුවන නීතිමය බාධාවන් බව කර්මාන්තකරුවෝ ප්‍රකාශ කළහ. මීට අමතරව නව තාක්ෂණය සහිත පුහුණුවක් නොමැතිවීම, පවතින යන්ත්‍ර සූත්‍ර අලුත් වැඩියා නොකිරීම සහ වෙළදපොල ගැටලු අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට යොමු විය.

ඒ පිළිබද අවධානය යොමු කළ අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.

“ තමුන්නාන්සේලා දන්නවා මම මහපොළොවෙන් ආපු මිනිහෙක් බව. මට සීත කාමරවලට වෙලා වැඩ කිරීමේ පුරුද්දක් නැහැ. ඒ නිසා තමයි මම ඔයගොල්ලෝ මුහුණ දෙන ඇත්ත ප්‍රශ්න තේරුම් ගැනීමට තමුන්නාන්සේලා ඉන්න තැනටම එන්න තීරණය කළේ. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා මේ ප්‍රශ්නය තේරුම් අරගෙන තමයි අදාළ කර්මාන්තවලට වෙන් වෙන් වශයෙන් අමාත්‍යවරු පත් කරලා තියෙන්නේ. මම දැක්ක විදිහට පවතින බොහෝ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීමට පුළුවන් ඒවායි. ඒ නිසා මේ පිළිබදව අතිගරු ජනාධිපතිතුමා සමඟත් පරිසර, වනජීවි, වන රක්ෂණ, භූ විද්‍යා හා පතල් කැනීම් සහ ශ්‍රී ලංකා පොලීසිය ආදී වශයෙන් සියලුම අමාත්‍යංශ සහ දෙපාර්ත්තමේනතු සමග සාකච්ඡා කොට ග්‍රාමීය කර්මාන්ත රකින තිරසාර වැඩ පිළිවෙලක් සකස් කිරීමට මම පොරොන්දු වෙනවා ” යැයි ප්‍රකාශ කළේය.

මෙම නිරීක්ෂණ චාරිකාව සදහා අමාත්‍යාංශ නිළධාරීන්, ජාතික ශිල්ප සභාවේ සභාපතිතුමා, එහි නිලධාරීන් සහ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් ඇතුලු පිරිසක්ද සහභාගී විය.

lanka lead news

Related posts

පුද්ගලික අංශ සේවකයන්ගේ අවම වැටුප 25,000 කරනවා…

Maimoonar

මන්ත්‍රී අජිත් ගිහාන් මහතා තමන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කරයි

Maimoonar

මං ජනාධිපති වීම ස්ථිරයි.. රජයේ සේවක වැටුප් වැඩි කරනවා..

Maimoonar

3 comments

Comments are closed.