29.5 C
Colombo
February 12, 2026
Local NewsNews

පාස්කු කොමිසමේ සාක්‍ෂි පටිගත කළ මවුලවිවරයෙකුගෙන් පොලීසිය ප‍්‍රශ්න කරයි

පාස්කු ප‍්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සාක්‍ෂි විමසීම් රහසිගතව ජංගම දුරකතනයකින් රූගත කළ මවුලවිවරයෙකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා. මෙම සිද්ධිය අනාවරණ වී ඇත්තේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඊයේ පස්වරුවේ සාක්‍ෂි ලබාදීමට පැමිණි අවස්ථාවේදීයි.

උන්වහන්සේ කොමිසම හමුවේ පෙනී සිිටියේද මුස්ලිම් සංවිධාන කිහිපයක් ඥානසාර හිමියන්ගෙන් හරස් ප‍්‍රශ්න විමසීමට අවශ්‍ය බවට කොමිසමට කර තිබූ දැනුම්දීමකට අනුවයි. ඥාණසාර හිමියන් සාක්‍ෂි ලබාදීම ආරම්භ කර පැය 2 ක පමණ කාලයක් ගත වනවිට කොමිෂන් සභාව තුළ රැදී සිටි මවුලවිවරයෙකුගේ සැකකටයුතු හැසිරීමක් කොමිසමේ පොලිස් නිලධාරීන් විසින් නිරීක්‍ෂණය කරනු ලැබ තිබුණා. පසුව මෙම මවුලවිවරයා පිටතට ගෙන ප‍්‍රශ්න කිරීමටයි පොලිස් නිලධාරීන් කටයුතු කරන තිබුණේ. එහිදී අනාවරණ වී ඇත්තේ ඥාණසාර හිමියන්ගේ සාක්‍ෂි විමසීම මෙම මවුලවිවරයා රහසිගතව සිය ජංගම දුරකතනයෙන් පටිගත කර ඇති බවයි.

කොමිසමට කිසිදු බාහිර පුද්ගලයෙකුට ජංගම දුරකතන රැුගෙන ඇතුළුවීමට අවසර හිමිවන්නේ නැහැ. ඒ අනුව මෙම මවුලවිවරයා සිය නීතිඥවරයාට ජංගම දුරකතනය ලබාදී කොමිසම තුළට ඇතුළුවීමෙන් පසු නීතිඥවරයාගෙන් එම ජංගම දුරකතනය හොර රහසේම ලබාගෙන මෙලෙස පටිගත කර ඇති බවට එහිදී වැඩිදුරටත් අනාවරණ වී තිබෙනවා.

මෙම මවුලවිවරයා පෙරේදා දිනයේද පාස්කු කොමිසමට පැමිණ ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. පටිගත කිරීම සිදුකළ මෙම මවුලවිවරයා සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ වැඩබලන ලේකම්වරයෙක්.

මෙම සිද්ධිය වාර්තාවීමෙන් පසු ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය නියෝජනය කළ නීතිඥවරුන්ට සිය බලවත් අප‍්‍රසාදය පළ කර තිබෙනවා. එමෙන්ම පටිගත කළ මවුලවිවරයාගෙන් හා නීතිඥවරයෙකුගෙන් ප‍්‍රකාශ ලබාගන්නා ලෙසටයි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා, පොලිස් විමර්ශන ඒකකයට නියෝග කර ඇත්තේ.

මේ අතර පාස්කු ප‍්‍රහාරයේ පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන අතර පාර්ලිමේන්තුවේදී ඊයේ උණුසුම් වාද විවාද ඇතිවුණා.

පාර්ලිමේන්තුව අද දිනයේද පෙරවරු  10.30 ට රැස්වීමට නියමිතයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් 246 කට කොරෝනා : මුළු ආසාදිතයින් ගණන 569 දක්වා ඉහලට

Maimoonar

ශ්‍රී ලංකා පිළ එක්දින ක්‍රිකට් පිටියේ පහළටම ඇද වැටෙයි

Maimoonar

පිටි මිල අඩුවුනත් පාන්, බනිස් අඩු කරන්නම බෑ..- බේකරි සභාපති

Maimoonar

5 comments

Comments are closed.