News Political

විග්නේෂ්වරන්ගේ ප්‍රකාශයට විපක්ෂයෙන් විරෝධයක්

09 වන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අමතමින් උතුරු පළාතේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර සි. වී. විග්නේෂ්වරන් ඊයේ (20) සිදුකළ ප‍්‍රකාශයට විපක්ෂයෙන් අද (21) විරෝධයක් එල්ල වුණා.

විපක්ෂය නියෝජනය කරමින් සභාව ඇමතූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනූෂ නානායක්කාර පැවසුවේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සී. වී. විග්නේෂ්වරන් ඊයේ සිදුකළ ප‍්‍රකාශය වහාම හැන්සාඞ් වාර්තාවෙන් ඉවත් කළ යුතු බවයි.

ඒ සම්බන්ධයෙන් සොයා බලන බව මන්තී‍්‍රවරයාගේ යෝජනාවට පිළිතුරු දෙමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන ප‍්‍රකාශ කළා.

එහිදී “අපි දිවුරුම් දෙනකොට මේ රටේ වෙනම රාජ්‍යක් සකස් කිරීම, ඊට අනුබලදීම, ඒ සඳහා අනියමින් හෝ ආධාර අනුබලදීම අපි සිදු කරන්නේ නෑ කියලා මේ පාර්ලිමේන්තුවේ අපි දිවුරුවා. නමුත් මේ රටේ සියලු දෙනා ශ්‍රී ලාංකික ලෙස ජනතාව පිළිගන්න තැනට රටම ඇවිත් තියෙන වෙලාවේ දෙමළ භාෂාව මේ රටේ මුල්ම භාෂාව සහ නිජභූමිය කරගත් මුල්ම ජනතාවගේ භාෂාව හැටියට ඊයේ විග්නේෂ්වරන් මන්ත්‍රිවරයා මේ පාර්ලිමේන්තුවේ සඳහනක් කළා. ඒ සඳහන මේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගතවීම වැරදියි.” යනුවෙනුයි සඳහන් කළේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

දැන් බාන ගෑස් නැව විතරයි.. තව එකම නැවක්වත් ඇණැවුම් කරවත් නෑ.. හිස් මුහුද පමණයි..- ලිත්‍රො සභාපති

Shiran Viraj

කලින් කයිවාරු ගහපු හැටියට හිතුවේ අමෙරිකාවටත් ආර්ථිකය උගන්වයි කියලා.. චීනෙට හාල් දෙයි කියලා…

Shiran Viraj

සිංහ පැටවු අදත් පරාදයි.. ශූරයන්ගේ කුසලානයෙනුත් ඉවතට..

Shiran Viraj

Leave a Comment