February 26, 2026
International NewsNews

ලෙබනනයේ පිපිරීම හිරෝෂිමා බෝම්බයේ ප්‍රබලත්වයෙන් හරි අඩක් : පුද්ගලයින් ලක්ෂ දෙකහාමාරකට නිවාස අහිමිවෙයි

ලෙබනනයේ සිදුවූ පිපිරිමෙන් පුද්ගලයින් ලක්ෂ දෙකහාමාරක පමණ පිරිසකට නිවාස අහිමිව ගොස් ඇති බව බේරූට් අගනුවර ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටිනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ පිපිරිමෙන් පසු බේරූට් අගනුවර යුධ පිටියක් සේ දිස්වන බවයි. මෙම පිපිරිමෙන් පුද්ගලයින් 100 කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇති බවත් 4000 කට අධික පිරිසක් තුවාල ලබා ඇත.

ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,750ක ගබඩා කොට තිබු මෙම ගබඩාවේ සිදුවූ පිපිරිමෙන් ඇතිවූ කම්පනය ජපානයේ, හිරෝෂිමා නගරයට හෙළුණු ලැබූ පරමාණු බෝම්බයේ ප්‍රබලත්වයෙන් හරි අඩක් පමණ වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම ඇමෝනියම් නයිට්‍රේට් ගබඩා කොට තිබු ගබඩාව පිහිටා තිබු ස්ථානයේ විශාල වලක් හැරී ඇති බවයි

මේ අතර ලෙබනනයට උපකාර කිරිම සඳහා ප්‍රංශය, ඉරානය, බ්‍රිතාන්‍ය සහ ගල්ෆ් කලාපීය රටවල් ඉදිරිපත්වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

වැඩිම මනාප මහින්දට

Maimoonar

ජාතික ආරක්‍ෂාවට හොස්ස පොවන එන්ජී ඕ පාලනයට පනතක්

Maimoonar

කොරෝනා පරදන්න අප සූදානම්..- යුද හමුදාව කියයි..

Maimoonar

20 comments

Comments are closed.