News Political

රනිල් – සජිත් පිල එකතු කරන්න තිස්සගෙන් කපුකමක්

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක් කිරීම සඳහා සජිත්ගේ පාර්ශ්වය නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා එජාපයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ අලුත් නායකත්වයට නම යෝජනා වී සිටින කරු ජයසූරිය මහතාද හමුවී ඇතැයි සඳහන් වේ.

මෙම සාකච්ඡා දෙක නිල නොවන ආකාරයෙන් පවත්වා ඇති අතර එහෙත් සාධනීය පිළිතුරක් එම සාකච්ඡා දෙකෙන්ම නොලැබුණු බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් වැඩි දෙනෙකුගේ ඉල්ලීම නිසාම පක්ෂ දෙක එක් කිරීමේ කාර්ය පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා විසින් ස්වකැමැත්තෙන් බාරගෙන ඇතැයි දැනගන්නට ඇත.

lanka lead news

Related posts

ඉන්ධන නැතොත් බස් නවත්වනවා.. පෝලිං වල ඉදල බස් දුවන්න බෑ..

Shiran Viraj

අගමැති කැඳවූ හිටපු මන්ත්‍රීවරුන්ගේ රැස්වීම ඇරඹෙයි – විපක්ෂයේ ප්‍රධාන පක්ෂ රැස්වීම මඟහරියි

Shiran Viraj

දිස්ත්‍රික්ක 19කට අද පැනවු ඇඳිරි නීතිය අප්‍රේල් 9 වන දා තෙක්

Shiran Viraj

1 comment

Comments are closed.