29.5 C
Colombo
February 12, 2026
Local NewsNews

ඩෝසර් නිසා බිබිලේත් උණුසුම් – ජනතා විරෝධය හමුවේ හකුළාගෙන යයි

ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට බව පවසමින් බිබිල දෙහිගම ප්‍ර‍දේශයේ ඉඩමකට ඇතුළු වූ පෞද්ගලික ආයතනයක පිරිසකට එල්ල වූ ජනතා විරෝධය හමුවේ අද (29) පෙරවරුවේ ආපසු හැරී යාමට සිදුවිය.

මෙම ප්‍රදේශයේ ඉඩම් අක්කර 65,000 ක උක් වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මීට පෙර අවස්ථා ගණනාවකදී උත්සාහ දරා තිබූ අතර ප්‍ර‍දේශවාසීන් පවසන්නේ නැවත එම උත්සාහය දියත් වෙමින් තිබෙන බවයි.

මෙම අවස්ථාවේදී ‍ගම්වැසියන් වෙනුවෙන් පෙනී සිටි, ජවිපෙ බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළේ මීට පෙර අවස්ථා ගණනාවකදී ජනතාව සමග එක්ව උක් වගා ව්‍යාපෘතිය නතර කිරීමට කටයුතු කළ බවයි. එම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට වත්මන් රජය උත්සාහ දරන්නේ නම් නැවතත් ඊට එරෙහිව සටන් කිරීමට සූදානම් බව ද ඔහු පවසනවා.

මේ සම්බන්ධයෙන් සමන්ත විද්‍යාරත්න මහතා මාධ්‍ය හමුවක්ද පැවැත්වූ අතර එහිදී ඔහු සඳහන් කළේ පාරිසරික පද්ධති, පුරාවිද්‍යා ස්ථාන ගණනාවක් විනාශ කිරීමට වත්මන් රජය තීන්දු කර ඇති බවයි. ඉඩම් ඔප්පු ලක්ෂයක් ජනතාවට ලබාදෙන බව පවසමින් බලයට පත් වූ වත්මන් ජනාධිපතිවරයා යටතේ ජනතාවට ඉඩම් ලබාදීම කෙසේ වෙතත් රක්ෂිත ඉඩම් ඇතුළු වටිනා ඉඩම් අක්කර දහස් ගණන් පෞද්ගලික සමාගම්වලට ලබාදීම නම් ජයටම සිදු කරන බවයි.

අද උදෑසන ඩෝසර් කිරීමට උත්සාහ කළ බිබිල දෙහිගම පිහිටි මෙම භූමිය තුළ විශාල කටු උණ පරිසර පද්ධතියකින් සමන්විත වන බවත් එය ආසියාවෙ විශාලතම කටු උණ පද්ධතිය ලෙස සැලකෙන බවත් සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. එසේම මෙම භූමිය තුළ පුරාවිද්‍යාත්මක ස්ථාන ගණනාවක්ද පිහිටා ඇති බව ඔහු සඳහන් කරයි.

Related posts

සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය නිවසේදී ගිනිගෙන මිය යයි…

Maimoonar

නීති විරෝධී ආහාර තොග ගබඩා රට පුරා වටලන්නයි පොලිසියට, දිසාපතිලාට නියෝගයක්..

Maimoonar

ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව සියලූ පාර්ශවයන්ට විවෘතයි

Maimoonar