29.5 C
Colombo
August 20, 2026
Local NewsNews

අවුරුදු 19-25 වයස් කාණ්ඩයේ තරුණයින් අතර HIV ආසාදනයේ වීමේ වර්ධනයක් : පුද්ගලයින් 1600ක් ආසාදිතයින් බව නොදැන සමාජයේ සිටින බවට අනතුරු අඟවයි

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 19 – 25 ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි දරුවන් අතර HIV ආසාදනය වීම වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටනේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පවසනවා.

දිවයින පුරා පිහිටි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටනේ සායන වලින් සිදුකරන ආසාදිතයින් හදුනා ගැනීමේ පරීක්ෂණ දත්ත අනුව මෙම කණගාටුදායක තත්වය මෑතක සිට ක්‍රමිකව වැඩිවීමක් පෙන්නුම් කරන බවට හදුනාගත් බවයි අධ්‍යක්ෂවරිය පැවසුවේ මිට සුළු මොහොතකට පෙර පැවති විශේෂ සාකච්ජාවකදී.

මීට අමතරව තවත් විශේෂ කරුණක් කෙරෙහි සමාජයේම අවධානය යොමුවිය යුතු බවද වෛද්‍යවරිය පැවසුවාය. එනම් විද්‍යාත්මක ප්‍රක්ෂේපණ අනුව 2020 වසර වන විට  මෙරට තුල HIV ආසාදිතයින් 3600 (තුන්දහස් හයසියයක්) ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටනේ සායන වල ලියාපදිංචි වී ප්‍රතිකාර ලබා ගත යුතු වුවත් දැනට ලියාපදිංචි වී සිටින්නේ  පුද්ගලයින් (2000) දෙදහසක් පමණක් බව ඇය අනාවරණය කලා.

ඉතිරි පුද්ගලයින් එක්දහස් හයසියයක (1600 ) ක ප්‍රමාණයක් තමන් ආසාදිතයෙකු බව නොදැනම සමාජයේ අන් අය සමග මුහුවෙමින් සිටිය හැකි බවත් ඔවුන් නිසා නීරෝගී පුද්ගලයින්ද ආසාදනය විය හැකි බවත් ඇය පෙන්වා දුන්නා.

මේ තත්වය හමුවේ තම ආයතනයේ සායන වෙත පැමිණ පුද්ගලිකත්වය සුරැකෙන ලෙස රුධිර පරීක්ෂාවන් නොමිලේම සිදුකරගන්නා ලෙසත් විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

මේ තත්ත්වය පිලිබදව මහජනතාව පුළුල්ව දැනුවත් කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ලබන මාසයේ සිට ක්‍රියාත්මක කරන බවයි මෙහිදී වෛද්‍යවරිය ප්‍රකාශ කර සිටියා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

චාල්ස් කුමාරයාටද කොරෝනා වැලදෙයි.. ඔහු අවදානම් වයස් සීමාවේ..

Maimoonar

මහව සමුපකාර නිලවරණය අතරතුර ප්‍රාදේශීය සභා සභාපතිවරයාට පහරදීමක්

Maimoonar

මියන්මාරයේ ජේඩ් ආකරයක් නාය යයි – 113ක් මරුට

Maimoonar

51 comments

Comments are closed.