NewsSportsSports News

හිටපු ආරම්භක පිතිකරු චෞහාන් කොරෝනා වැළඳී මියයයි

කොවිඩ් නයින්ටීන් වෛරසයට ගොඳුරු වීමෙන් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන චෙතන් චෞහාන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු වෛරසය වැළිඳීමෙන් මාසකයට අධික කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

රෝගි තත්ත්වය උත්සන්න වීමෙන් ඔහු මියගොස් ඇති අතර මියයන විට චෙතන් චෞහාන් 73 හැවිරිදි වියෙහි පසුවු බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

ඉන්දියාව හිටපු සුපිරි පිතිකරුවෙක් වන සුනිල් ගවස්කාර්ගේ ආරම්භක සහකරු ලෙස ක්‍රිඩා කළ දකුණත් පිතිකරු චෙතන් චෞහාන් 1969 සිට 1981 දක්වා ඉන්දියානු කණ්ඩායම නියෝජනය කර තිබේ.

ක්‍රිඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු දිල්ලි සහ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය සමඟ විවිධ තනතුරු හෙබවූ ඔහු ඉන්දියානු කණ්ඩායම් කළමනාකරු ලෙස ද සේවය කළ අයෙකු වේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ආණ්ඩුව ඇතුලේ දැවැන්ත අරගලයක්.. ආණ්ඩුවේ සමහර වැඩ ජනවරමට පටහැනියි..- ගම්මන්පිල

Maimoonar

ඥානසාර හිමියන් සභාපති කිරීම ඔලමොට්ටල වැඩක්…

Maimoonar

බදු සහන හේතුවෙන් විදේශ රැකියා ලියාපදිංචි ගාස්තුවත් අඩු කෙරේ

Maimoonar