25 C
Colombo
February 5, 2026
Local NewsNews

රනිල් සහ සාගල අද ජනපති කොමිසමට

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ හිටපු අමාත්‍ය සාගල රත්නායක පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ අද (21) සාක්ෂි ලබාදීමට නියමිතව තිබෙනවා.

පාස්කු ප‍්‍රහාරය එල්ල වන සමයේ දී රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙසත්, සාගල රත්නායක නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළා. පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාගෙන් අද දිනයේදී සාක්ෂි සටහන් කරගැනීමට නියමිතව තිබෙනවා.

මේ අතර එවක ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රුවන් විජේවර්ධනගෙන් ඉකුත් 18 වනදා පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය සාක්ෂි සටහන් කරගත්තා.

මේ අතර හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ද පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ ලබන 26 වැනිදා සාක්ෂි ලබාදීමට නියමිතයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ලුණු කිලෝවකට රුපියල් 40ක බද්දක්…

Maimoonar

කොවිඩ් වසංගතයෙන් පසු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නංවාලීමට HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි

Maimoonar

ග‍්‍රාමසේවකලා රුපියල් 5000 බෙදිල්ලෙන් ඉවත් කරලා.. රජය වෙනම කමිටුවක් දාලා අප හෑල්ලු කරලා..- ග‍්‍රාමසේවක සභාපති

Maimoonar

2 comments

Comments are closed.