29.5 C
Colombo
August 20, 2026
Local NewsNews

මොරිෂස් දිවයින අසලදී කොරල්පරයේ ගැටුණු ඉන්ධන නෞකාවේ කපිතාන් සහ දෙවන නිලධාරියා වූ ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට

මිට සති කිහිපයකට පෙර මොරිෂස් දුපත ආසන්නයේ කොරල් පරයක ගැටීමෙන් අනතුරට පත් ජපාන සමාගමකට අයත් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ කපිතාන්වරයා සහ එහි දෙවන නියමු නිලධාරියා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

MV Wakashio නම් මෙම නෞකාවේ කපිතාන්වරයා ලෙස ඉන්දීය ජාතිකයෙක් වන සුනිල් කුමාර් නන්ඩේෂ්වර් කටයුතු කොට ඇති අතර එහි දෙවන නියමු නිලධාරියා ලෙස කටයුතු කොට ඇත්තේ ශ්‍රී ලාංකිකයෙක් බවයි විදෙස් මාධ්‍ය වර්තා කර සිටියේ.

මංකොල්ලකෑම සහ සමුද්‍රීය ප්‍රචන්ඩත්වය යටතේ මෙම නිලධාරින් දෙදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි මොරිෂස් පොලිසිය සඳහන් කළේ.

ඉකුත් ජුලි මස 25 වෙනිදා කොරල් පරයක ගැටීමෙන් සතියකට පසුව නෞකාවේ තිබු ඉන්ධන ටොන් 1000ක් පමණ ප්‍රමාණයක් සාගරයට කාන්දු වීමෙන් මේ වන විට පාරිසරික ගැටළු රැසක් මතුවී තිබෙනවා.

මෙම නෞකාව සිංගප්පුරුවේ සිට බ්‍රසීලය බලා ගමන් කරමින් තිබු බවට වාර්තා වී ඇති නමුත් මේ අයුරින් ගොඩබිමට ආසන්නයෙන් ගමන් කිරිමට හේතුව කුමක්ද යන්න තහවුරු කර ගැනීමට මොරිෂස් බලධාරින් සඳහන් කර සිටිනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මාලිමා මන්ත‍්‍රීගේ පියාට වෙඩි තබයි..

Maimoonar

පොහොට්ටු මූලස්ථානයෙන් ගෝටාභයටත් කාමරයක්.. ක‍්‍රියාකාරී දේශපාලනයට..මූලස්ථානය තවත් ලොකු වෙයි

Maimoonar

ක්ෂය රෝග මර්ධන ව්‍යාපාරය සතු PCR යන්ත්‍ර 36 ක් කොවිඩ් – 19 මර්ධනයට යොදා ගන්නේ නැහැ – රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය

Maimoonar

128 comments

Comments are closed.