29.5 C
Colombo
August 20, 2026
NewsPolitical

මැකො ධුරයෙන් සමුගැනීම ප‍්‍රකාශ කරයි.. මැතිවරණ කොමිසමේ අවසන් මාධ්‍ය හමුව පවත්වයි..

මැතිවරණ කොමිසන් සභාවේ දී තමන් නැවතත් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට අදහස් කරන්නේ නැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ඡන්ද විමසීමෙන් පසු එම කාර්යාලයේදී ඔහු මාධ්‍ය වෙත කියා සිටියේ සියලු දෙනාටම තමන් බොහෝ ස්තුති වන්ත වන බවත් නැවතත් එම ස්ථානයේ මාධ්‍ය හමුව පවත්වන්නේ නැති බවත්ය.

ඒ අනුව මෙම මැතිවරණයෙන් පසු ඒ මහතා සිය ධුරයෙන් විශ්‍රාම යාමට කටයුතු කරනු ඇත.

මෙවර මැතිවරණය පැවැත්වීමෙන් පසු ඔහු තම ධුරයෙන් විශ්‍රාම යනු ඇති බවට දැනට සති කිහිපයක සිටම වාර්තා පළ විය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මුදල් මත දින ගණනක් කොරෝනා.. මුදල් භාවිතය හැකි තාක් සීමා කරන්න.. භාවිත කල වහාම අත් සෝදන්නැයි දන්වයි..

Maimoonar

අමෙරිකාවේ ‘කරුණාවන්තම විනිසුරු’ ෆ්‍රෑන්ක් කැප්‍රියෝ දිවි ගමනට සමුදෙයි

Maimoonar

ඇදිරිය නිසා බස්නාහිරින් පැන ගිය අය දින 14ක් සිටිනා තැනම නිරෝධායනයට..

Maimoonar