NewsPolitical

මට ගහපු එකෙක්වත් ඉතුරු වෙන්නෙ නෑ කියා මගේ කේන්දරේ තියෙනවා.. විජේදාසත් ලගදිම ඉවරයි..

ඇවන්ගාඩ් සමාගම විසින් තමාට අල්ලස් මුදල් දුන්නේ යයි විජේදාස රාජපක්ෂ හිටපු ඇමතිවරයා එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

අදාල චෝදනාවට විරුද්දව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් විජයදාස රාජපක්ෂ මහතාගේ ජනාධිපති නීතිඥ කමත් නීතිඥකමත් ගලවා දමන බවත් ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පිහිටි සමගි ජන බලවේගය මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

තමන්ට පහර දෙන එකෙක්වත් ඉතුරු නොවන බවත් තමන්ගේ කේන්දරය ඇතැයිද පැවසූ ඔහු ඉදිරියේදී විජයදාස රාජපක්ෂටත් වන්නේ එයම බව ද සඳහන් කළේය.

තමන්ට ගහපු එක් අයෙකුට මෑතක දී හෘදයාබාධයක් ඇතිවූ බවත් තවත් අයකුට දිනුවද පාර්ලිමේන්තුව ඒමට හැකියාවක් නැති නැතිව මියගිය බවත් ඔහු පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

හත් දෙනෙකු එක්ව පාසල් දැරියක් සමූහ දුෂණය කරයි.. දැරිය රෝහලේ…

Maimoonar

මාර්තු 25ට පෙර මැතිවරණයක්..

Maimoonar

13 අහෝසි කරන්න ඉඩ දෙන්න එපා – සම්බන්ධන් ඇමෙරිකානු තානාපතිනියගෙන් ඉල්ලයි

Maimoonar

52 comments

Comments are closed.