29.5 C
Colombo
February 12, 2026
BusinessBusiness NewsNews

ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයෙන් පහළ මැදි ආදායම් කාණ්ඩයට ඇදවැටෙයි

ලෝක බැංකු වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් ලබන රටක් බවට කාණ්ඩ ගත කර තිබේ. ලෝක බැංකුවේ මෙම වර්ගීකරණය සෑම වසරකම ජූලි 01 දින යාවත්කාලීන වන අතර මීට පෙර ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයේ පසුවිය.

මෙම වර්ගීකරණයේ දී ලෝක බැංකුව විසින් ලොව රටවල්, දළ දේශීය ඒක පුද්ගල ආදායම අනුව කාණ්ඩ 4 ක් යටතේ වර්ගීකරණය කරනු ලබන අතර පහළ ආදායම්, පහළ මැදි ආදායම්, ඉහළ මැදි ආදායම් සහ ඉහළ ආදායම් ලබන රටවල් ලෙසින් එය සිදුකෙරේ.

මේ අනුව 2018 වසරේ දී ඒක පුද්ගල දළ ජාතික ආදායම එක්සත් ජනපද ඩොලර් 4,060 ක් ලබා ඉහළ මැදි අදායම් කාණ්ඩයේ පසු වූ ශ්‍රී ලංකාව 2019 වසර වන විට එක්සත් ජනපද ඩොලර් 4,020 ක් දක්වා පහළ බැස තිබේ.

ලෝක බැංකු ක්‍රමවේදයට අනුව ඩොලර් ඒක පුද්ගල ආදායම ඩොලර් 1,036 ට වඩා අඩු ආදායමක් ලබන රටවල්, පහළ ආදායම් ලබන රටවල් ලෙසත්, ඩොලර් 1,036 – 4,045 අතර රටවල් පහළ මැදි ආදායම් ලබන රටවල් ලෙසත් වර්ගීකරණය කර තිබේ. මෙහිදී ඉහළ මැදි ආදායම් ලාභී රටවල් ලෙසින් සලකා ඇත්තේ ඒකපුද්ගල ආදායම ඩොලර් 4,046 – 12,535 අතර රටවල්ය. ඩොලර් 12,535 ට වඩා වැඩි ඒකපුද්ගල ආදායමක් ඇති රටවල් ඉහළ ආදායම් ලබන රටවල් ලෙසින් සැලකේ.
(under the courtesy of adaderana.lk news web)

Related posts

උපාධිය හදාරන්න බැංකු ණයක්.. පොලිය 13%යි.. අනුමතයි..

Maimoonar

තවත් වියදම දරන්න බෑ.. කොරෝනා ආසාදිතවන් නිවසේ රදවන්නැයි රජයෙන්ම යෝජනා…

Maimoonar

‘බදු අඩු කරනවා..’ ට‍්‍රම්ප්ගේ බද්දට ශ‍්‍රී ලංකා මුදල් අමාත්‍යංශය කියයි

Maimoonar

9 comments

Comments are closed.