29.5 C
Colombo
August 20, 2026
Local NewsNews

වැඩිවූ විදුලි බිලෙන් කොටසක් රජය දැරීමට යයි

විදුලි බිල්පත් ගාස්තු ඉහළ යෑම හේතුවෙන් මහජනතාවට දැරීමට සිදු ව ඇති බරෙන් කොටසක් රජය විසින් දැරීමට තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර සිටිනවා.

විදුලි බිල සම්බන්ධව පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල උපදෙස් පරිදි පත් කරන ලද පංච පුද්ගල කමිටු වාර්තාව අද අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඇති බවත් එම වාර්තාවෙන් නිර්දේශිත කරුණුවලින් එහා ගොස් උපරිම සහනයක් මහජනතාවට ලබා දීමට රජය තීරණය කර ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

කමිටුවේ නිර්දේශ මහා භාණ්ඩාගාරය වෙත යොමු කර ඔවුන්ගේ අදහස් හා නිර්දේශ ලබාගෙන ලබන සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට එම යෝජනා ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවයි මෙහිදී ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

කෙසේ වුවද විදුලි මණ්ඩලය යනු රාජ්‍ය ආයතනයක් වන බැවින් එම ආයතනය අඩපණ නොවී පවත්වාගෙන යාමට ද අවශ්‍ය හෙයින් තමන්ට ලැබෙන බිල්පතින් කිසියම් මුදලක් ගෙවීමට පියවර ගන්නා ලෙස තමන් විදුලි පාරිභොගික ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි මෙහිදී ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

සභාවල බලය පිහිටුවන්න රනිල්-සජිත් එක්වෙති…

Maimoonar

රුසියාව කොවිඩ් වසංගතයට එරෙහි ලොව පළමු එන්නත නිපදවයි

Maimoonar

ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි

Maimoonar

1 comment

Comments are closed.