32 C
Colombo
February 19, 2026
Local NewsNews

ලංකාවට පනින්න ඉන්දීය කොරෝනා ආසාදිතයන් දහස් ගණනක් රාමේෂ්වරම් වෙරලේ.. ලංකාව දැඩි අවදානමක..- බුද්ධි අංශ සීරුවෙන්..

කොරෝනා රෝගය ආසාදනය වූ ඉන්දීය ජාතිකයන් නීති විරෝධී අයුරින් මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුවලින් මෙරටට ඇතුළු වීමේ අවදානමක් ඇති බවට බුද්ධි අංශ අනතුරු අඟවයි.

මෙම පිරිස් මුහුදු මාර්ග ඔස්සේ මන්නාරම, යාපනය, හලාවත, පුත්තලම වැනි ප‍්‍රදේශවලින් මෙරටට ඇතුළු වීමට ඉඩ ඇති බව ද බුද්ධි අංශ කියා සිටියි.

කොරෝනා රෝගය ඉන්දියාව පුරා ඉතා තදින් ව්‍යාප්ත වෙමින් යන අතර රෝගය ආසාදනය වූ පුද්ගලයන්ට නිසි ප‍්‍රතිකාරයක් නොලැබෙන බව ද වාර්තා වෙයි.

එමෙන්ම කොරෝනා රෝගය තදින් ව්‍යාප්ත වීම නිසා ඉන්දීය ජාතිකයන් වැඩි පිරිසකට රැුකියා අහිමි වී ඇති අතර ආහාර, ඇඳුම් වැනි මූලික අවශ්‍යතාවන් පවා සපුරා ගැනීමට නොහැකිව ලක්ෂ ගණනක් ජනතාව දැඩි පීඩාවට ලක් වෙමින් සිටිති.

මේ හේතුව නිසා අසරණ තත්ත්වයට පත්ව සිටින ඉන්දීය ජාතිකයන් බෝට්ටුවල නැඟී ශී‍්‍ර ලංකාවට ඇතුළු වීමට උත්සාහ කරන බවට තොරතුරු ලැබී ඇති බව ද බුද්ධි අංශ ආරංචි මාර්ග කියා සිටියි.

ශී‍්‍ර ලංකාව තුළ ඉතාම සාර්ථක අන්දමින් කොරෝනා රෝගය පාලනය කරන තත්ත්වයක සිටියදී මේ ආකාරයට එම රෝගය ආසාදනය වූ පුද්ගලයන් රටට ඇතුළු වුවහොත් බරපතළ තත්ත්වයක් උදාවනු ඇති බව ද බුද්ධි අංශ ආරංචි මාර්ග පවසයි.

(under the courtesy of lankacnews.com news web)

Related posts

ශ‍්‍රී ලංකාවටත් චීනයටත් එක්ව සුළග වැස්ස පරදා අභියෝග දිනිය හැකියි.. ලංකාවට තවත් අපේ සහාය දෙනවා..- චීනය අලුත් අවුරුද්දේ කියයි..

Maimoonar

ඊයේ ජ’පුර කලා පිඨයේ පෙරටුගාමී ඔළු පලලා 2024 තඹුත්තේගම විප්ලවය අරඹුවා…

Maimoonar

කොරෝනා රෝගියෙක් කොළඹ පුරා ඇවිදලා.. කොළඹ අවදානමේ..

Maimoonar

61 comments

Comments are closed.