32 C
Colombo
February 19, 2026
NewsPolitical

පොහාට්ටුවට ඡන්දය දෙන්න එපා..- මැතිවරණ කොමිසමේ සාමාජික හූල් කියයි..

එන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දීමෙන් වැළකී සිටින ලෙස ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මහතා ඉල්ලා සිටී.

උතුරේ ක්‍රියාත්මක වන ‘ඩෑන් ටීවී’ නම් ප්‍රාදේශීය රූපවාහිනී නාලිකාවක් හා අදහස් දක්වමින් ඔහු පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා පෙරමුණ විසින් තමන්ට එරෙහිව මාධ්‍ය ඔස්සේ විවිධ බොරු ප්‍රචාර කරමින් සිටින බවයි.

එවන් බොරු ප්‍රචාර කරමින් ප්‍රජාතන්ත්‍ර වාදයට විරුද්ධව කටයුතු කරන අයට ඡන්දය නොදෙන ලෙස ඔහු එම සාකච්ඡාවේදී ඉල්ලා තිබේ.

තමන් සිංහල භාෂාව නොදන්නා බවත් එමෙන්ම සිංහලෙන් පලවන කුණු කියවන්නට නොදන්නා බවත් ඔහු එහිදී සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට සහයෝගය ලබා දෙන සමහර මාධ්‍ය විශාල වශයෙන් අසත්‍ය පතුරුවමින් ඇතැයිද ඔහු සඳහන් කර තිබේ.

තමන් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වන්නේ යැයි සමහරුන් පවසන බවත් එසේ කියූ විට තමන් තමන්ගේ කටයුතු නතර කරනු ඇතැයි ඔවුන් සිතන බවද ඔහු එහිදී සදහන් කරයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව කිසිවෙකුට වුවත් මැතිවරණය අවුල් කිරීම ඉතා අසීරු කාර්යයක් ඇයිද ඔහු එහිදී තව දුරටත් පවසා ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලොකු පුටුවකට මොහොමඩ් ඕමාර් පත් කරලා – සේවකයන්ගෙන් ප්‍රබල විරෝධතාවයක්!

Maimoonar

අඩු වූ වැට් බද්දෙන් වාහන දෙකකට සුළු සහනයක්

Maimoonar

මංගල සම අනුග‍්‍රහයට අත්සන් කිරීම කැබිනට් එකත් ජනපතිත් දැන සිටියා.. – රනිල් ජනපති කොමිසමට කියයි

Maimoonar

1 comment

Comments are closed.