29.5 C
Colombo
August 20, 2026
NewsSportsSports News

පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් එංගලන්තයට යයි

කොරෝනා වෛරසය ආසාදනය වූ පාකිස්තාන කී‍්‍රඩකයින් 10 දෙනෙකු හදුනා ගැණුන ද පාකිස්තානු කණ්ඩායමේ එළැඹෙන එංගලන්ත සංචාරය සැලසුම් කර පරිදි පැවැත්වෙන බව එංගලන්ත කි‍්‍රකට් පාලක මණ්ඩලය පවසනවා.

ඊට එක්වන පාකිස්තානු කණ්ඩායම අද එංගලන්තයට ලගා වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම තරගාවලිය පේ‍්‍රක්ෂක සහභාගිත්වයෙන් තොරව පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඊට අදාළ තරග කාලසටහන ඉදිරියේදී ප‍්‍රකාශයට පත්කරන බවයි එංගලන්ත කි‍්‍රකට් පාලක මණ්ඩලය පැවසුවේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ පාකිස්තාන කී‍්‍රඩකයින් මෙම තරග සංචාරයට එක් නොවන අතර නව කී‍්‍රඩකයින් ගෙන් යුත් කණ්ඩායමක් එංගලන්ත සංචාරය සදහා එක්කර ගැනීමට පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා.

එංගලන්ත සංචාරයට එක්වන පාකිස්තානු කී‍්‍රඩකයින් එංගලන්තයට පැමිණීමෙන් පසු දින 14ක කාලයක් නිරෝධායන කි‍්‍රයාවලියකට එක්වනු ඇති. මෙම තරග සංචාරයේදී දෙරට අතර ටෙස්ට් තරග 3ක් සහ පන්දුවාර 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කුහක වෙන්න බෑ.. ජනපති අයවැය ඉදිරිපත් කලේ ඉතාම අසීරු තැනක සිටයි..- හර්ෂ

Maimoonar

ප‍්‍රමිතට අගමැති මහින්දගෙන් තව තනතුරක්…

Maimoonar

වසර 03ක් තරග තහනමක සිටි ශකීබ් ලංකාවෙන් වැඩ අරඹන්න යයි

Maimoonar

1 comment

Comments are closed.