International NewsNews

ජූලි අවසනයේ දිල්ලියේ COVID 19 ආසාදිතයින් ලක්ෂ 5 ඉක්මවයිද?

ජූලි මාසය අවසන් වනවිට ඉන්දියාවේ දිල්ලි අගනුවර කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 5 ක්දක්වා ඉහල යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවයි.

එසේ වුවහොත් දිල්ලිනගරයේ රෝහල්වල පහසුකම් ප්‍රමාණවත් නොවනු ඇති බව දිල්ලි නගරයේ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය මනීෂ් සිසෝදියා ප්‍රකාශ කර ඇත.

මේ වන විටත් දිල්ලි නගරයෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 30,000කට අධික පිරිසක් හදුනාගෙන තිබේ.

කෙසේවෙතත් සංචරණ කටයුතු සීමා කිරීම සඳහා පැනවූ ඇතැම් නීති අදියර කිහිපයක් යටතේ ලිහිල් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  

(under the courtesy of adaderana.lk news web)

Related posts

6 වසරේ ඉංග්‍රීසි මොඩියුලයේ දෝෂය පිළිබඳව මහින්ද දේශප්‍රිය මහතාගෙන් උපහාසාත්මක විවේචනයක්

Maimoonar

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නිසි කළමනාකරණයකින් කළ යුතුයි-වෛද්‍ය අනිල් ජාසිංහ

Maimoonar

‘ආයිත් ඇවිත් තොපිට කෙලිනවා..’ ඇදිරි නිතිය මැද පොලිසිය තග දැමූ රන්ජන් අත්අඩංගුවට..

Maimoonar

617 comments

Comments are closed.