February 26, 2026
Local NewsNews

කොරෝනාවට බියෙන් ඉන්දියාවේ සිට බෝට්ටුවෙන් මෙරටට පැන එති.. පොලිස් බාරයට..

ඉන්දියාවේ මේ දින වල සීග්‍රයෙන් ව්‍යාපත්වන කොරෝණා වයිරසයට බිය වී ඉන්දියාවේ සිට පියෙකු හා දැරියක් මුහුදු මාර්ගයෙන් බොට්ටුවකින් තලෙයිමන්නාරමට පැමිණ මඩු පොලීසියට ඊයේ (02) දින භාර වී ඇත.

අදාල පියා මීට පෙර මන්නාරමේ පදිංචි අයෙකු වුවද යුද ගැටුම් හේතුවෙන් 1990 වසරේදී ඉන්දියාවට ගොස් තමිල්නාඩුවේ සරණාගත කඳවුරක නැවතී ඔහු බිරිඳ හා දියණියන් දෙදෙනෙකු සමග දිවි ගෙවා ඇත.

අනතුරුව පවතින කොරෝණා වයිරසයේ දැඩි අවධානම හේතුවෙන් ඊට බිය වී සරණාගත කඳවුර අතහැර බොට්ටුවක් මාර්ගයෙන් තම වැඩිමල් දියණිය සමග තලෙයිමන්නාරම් මුහුදු තීරයට පැමිණ ඇත්තේ පසුව බිරිඳ හා බාල දියණිය රැගෙන එන අපේක්ෂාවෙනි.

කෙසේ වෙතත් පැමිණි පියා හා දියණිය පළමුව නිරෝධායන කඳවුරක් වෙතට යොමු කිරීමට පියවර ගෙන ඇති අතර එම කටයුතු අවසන් වූ පසු නීතිවිරොධීව සංක්‍රමණය පිළිබඳව පරික්ෂණ සිදු කිරීමට මඩු පොලීසිය විසින් පියවර ගෙන ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මට ගහපු එකෙක්වත් ඉතුරු වෙන්නෙ නෑ කියා මගේ කේන්දරේ තියෙනවා.. විජේදාසත් ලගදිම ඉවරයි..

Maimoonar

ඇමරිකාවෙන් ආනයනික තීරු බද්ද බින්දුව කර අර්බුදයෙන් ගැලවෙන්නැයි කියයි..

Maimoonar

මහින්ද දේශපාලනයෙන් සමු ගනී..? පොහොට්ටුවන් රනිල්ගේ නායකත්වයට..?

Maimoonar

5 comments

Comments are closed.