28.4 C
Colombo
August 7, 2026
NewsPolitical

බන්ධනාගාර තුල ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන් තුරන් කරන්න – ජනාධිපති

පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා.  රට තුළ සිදුවන බොහෝ අපරාධ සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් බන්ධනාගාරයේ සිට මෙහෙයවන බවට නිශ්චිත තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ පිළිබඳව ජනතාව අතර ද දීර්ඝ කාලයක සිට පවතින මතය ඉතා කණගාටුදායක බව ජනාධිපතිතුමා සඳහන් කර සිටියා.  “මෙය නිවැරදි කළයුතුයි. බන්ධනාගාර ඇතුළත ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන් තුරන් කරන්න”  ජනාධිපතිතුමා අවධාරණය කර සිටියා.  බන්ධනාගාරවල අභ්‍යන්තර තත්ත්වය විමර්ශනය කරනු පිණිස අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා සඳහන් කර සිටියේ.  බන්ධනාගාරය හෝ පොලීසිය බිඳ වැටී ඇත්නම් රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී එය බලපාන බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. කුමන දේශපාලන මතයක් දැරුවද නිලධාරියෙකු හරි දේ කරන්නේ නම් එය අනුමත කරන බවත් දූෂිත සහ අකාර්යක්ෂම නිලධාරීන් හඳුනාගෙන ඔවුන් සම්බන්ධයෙන් නිවැරදි තීරණ ගත යුතුව ඇති බව ජනාධිපතිතුමා අවධාරණය කර සිටියා.  බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින අඩු පාඩු ඉවත්කොට සම්පූර්ණයෙන් විධිමත් කරන බව ජනාධිපතිතුමා අවධාරණය කළා.‍ ආරක්ෂක ලේකම්, යුද හමුදාපති, පොලිස්පති ඇතුළු කමිටුවක ප්‍රධානත්වයෙන් එය සිදු කරන අතර නිලධාරීන් පුහුණු කිරීම්, දිරිගැන්වීම් ඇතුළු සියලු ක්‍රියාකාරකම් අධීක්ෂණ කණ්ඩායමකට යොමු කිරීමට ද  උපදෙස් දෙනු ලැබුවා.


(under the courtesy of nethnews.lk news web)

Related posts

දෙදෙනෙක් යළි ඇමති ධූරවල දිවුරුම් දෙයි

Maimoonar

ඇහැලියගොඩ ලොක්ඩවුන්..

Maimoonar

යුද හමුදා නිලධාරීන්ගෙන් වෛරසය පැතිරීමට කිසිදු ඉඩක් තබන්නේ නෑ

Maimoonar

777 comments

Comments are closed.