28.5 C
Colombo
August 11, 2026
Local NewsNews

කොරෝනා රෝගීන්ගෙන් රෝහල් ගණනාවක් පිරේ.. රෝහල් පද්ධතිය උපරිමයට ලගා වෙමින්..

ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම 1800ක් අද දිනයේ ඉක්මවා ගොස් ඇත.

රෝහල්ගතව තව දුරටත් ප‍්‍රතිකාර ලබන පිරිස 928කි.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද දිනයේ නිකුත් කරන ලද වාර්තාව අනුව මෙරට රෝහල් ගණනාවක් සිය උපරිම රෝගී ධාරිතාවට පැමිණ තිබේ.

කොරෝනා ආසාදිතයන් දැනට රට පුරා රෝහල් එකොළහක රඳවා සිටින අතර එයින් රෝහල් පහක ආසාදිතයන් 100 ඉක්මවා ගොස් ඇත.

මේ තත්ත්වය මත තවත් රෝගීන් වාර්තා වීම ඉහළ ගියහොත් රෝගීන් රදවා ගැනීම සඳහා තවත් රෝහල් වෙන් කිරීමට සිදුවනු ඇත.

වෙනත් රෝගාබාධ සදහා ප‍්‍රතිකාර ගන්නා රෝගීන්ද රෝහල් තුල රදවාගෙන ප‍්‍රතිකාර ලබා දෙමින් කොරෝනා රෝගීන්ද රදවා ගැනීමට සිදුවීම නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අධික කාර්ය බහුල තත්වයක් ඇතිව තිබේ.

දැනට කොරෝනා රෝගීන් ප්‍රතිකාර කරනු ලබන්නේ ජාතික උණ රෝහල, වැලිකන්ද, මුල්ලේරියාව, ඉරණවිල, කාත්තන්කුඩි, හෝමාගම, මිනුවන්ගොඩ හම්බන්තොට, තෙල්දෙණිය යන රෝහල්වල සහ පනාගොඩ යුද හමුදා රෝහල, නාවික වැලිසර හමුදා රෝහල යන රෝහල් වලයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පාතාල කෙරුමෙක් ලංකාවට පිටුවහල්.. කටුනායකදී අත්අඩංගුවට..

Maimoonar

සෑම පෙට්‍රල් ලීටරයකින්ම අනුර දිසානායක රුපියල් 120ක් ගන්නවා… ඩීසල් ලීටරයකින් 90ක් ගන්නවා…

Maimoonar

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

Maimoonar

1,013 comments

Comments are closed.