29.5 C
Colombo
August 20, 2026
NewsSportsSports News

එංගලන්ත ටෙස්ට් නායකත්වයට බෙන් ස්ටෝක්ස්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට්ට අහිමි වීමේ අවදානමක් පවතින බව වාර්තා වෙයි.

ඒ ඔහුගේ බිරිඳ දරු ප්‍රසූතිය සඳහා සූදානම් වීම හේතුවෙන්.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්තය අතර ටෙස්ට් තරගාවලිය ජුලි මස 8 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

එම තරගාවලියේ පළමු තරගයෙන් එංගලන්ත නායක ජෝ රූට් තාවකාලිකව ඉවත් වීමට නියමිත බව වාර්තා වන අතර ඒ සිය බිරිද දරු ප්‍රසූතිය සඳහා සූදානම් වීම හේතුවෙන්.

ඒ අනුව ජෝ රූට් වෙනුවට බෙන් ස්ටෝක්ස් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් වීමට නියමිතව තිබේ.

කෙසේ වෙතත් ජෝ රූට් පවසන්නේ තමන්ගෙන් හිස් වන නායකත්වයට වඩාත්ම සුදුසු ක්‍රීඩකයා බෙන් ස්ටෝක්ස් බවයි.

ජෝ රූට් 2017 වසරේ එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත්වීමෙන් පසු මේ දක්වා තරග 39කදී අඛණ්ඩව සිය නායකත්වය සමඟින් ක්‍රීඩා කර ඇති අතර ඔහු එංගලන්තය වෙනුවෙන් මේ දක්වා ටෙස්ට් තරග 92කට ක්‍රීඩා කර තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

හරක් කටාගෙන් කෝටි ගණනින් අල්ලස් ගත් දේශපාලනඥයන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ට එරෙහිව දැඩි විමර්ශන

Maimoonar

ආර්ථිකය ශක්තිමත් වී ලෝකයේ විශිෂ්ඨ ස්ථානයක තිබියදී පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැහුවේ..- කතානායක

Maimoonar

සතොසින් අවුරුදු සහන මල්ලක්.. බිත්තරයක් 36යි..

Maimoonar

1 comment

Comments are closed.