31.7 C
Colombo
September 10, 2026
Local NewsNews

ආපන ශාලා විවෘත කිරීම තවදුරටත් කල් යයි

කොරෝනා වසංගතයත් සමග වසා දැමුණු කොළඹ නගරයේ ආපන ශාලා ජනතාවට විවෘත කිරීම තවදුරටත් කල් දමා තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රෝෂිණි දිසානායක සදහන් කළේ ආපන ශාලා විවෘත කිරීම සදහා සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කර ඇති බවයි.

ආපන ශාලා විවෘත කිරීමට සිදුවන්නේ අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුව කටයුතු කිරීමට ආපන ශාලා හිමියන් සූදානම්වීමෙන් පසුව බවයි නාගරික කොමසාරිස්වරිය නෙත් නිවුස් වෙත සදහන් කළේ.

අවන්හල්වල එම ස්ථානයේදීම ආහාර ගැනීමේදී සහ බැහැරට ගෙනයාමේ සේවා සැපයීමේදී පිළිපැදිය යුතු සෞඛ්‍ය නිර්ණායක රැසක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වනවිටත් ප‍්‍රකාශයට පත්කර අවසන්.

එකවර විශාල පිරිසක් භෝජනාගාරයට රැස්වීම අවම කිරීමට කටයුතු කිරීම, මේස සහ පුටු අඩු කිරීම හෝ ආහාර ගැනීමට මේසයක් හැර මේසයක් භාවිත කිරීම වඩාත් සුදුසු බවයි එහි දැක්වෙන්නේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට සුදුසුම පුද්ගලයා මිලින්ද මොරගොඩ

Maimoonar

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ සිද්ධිය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ස්වාධීන විමර්ශනයක්

Maimoonar

වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳුවද GMOA එකට ඇත්තේ දේශපාලන ප්‍රශ්න බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි

Maimoonar

1 comment

Comments are closed.