NewsSportsSports News

හෝමාගම ක‍්‍රිකට් පිටිය එපා ඇයි.. මහේල අගමැති මහින්දට කල සුපිරි පැහැදිලි කිරීම..[Video]

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා සිදු කළ යුතු කාර්යයක් සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් පැවති සාකච්ඡාවකදි ඔහු පැහැදිලි කිරීම සිදු කළේය.

හොමාගම ආසන්නයේ ඉදිකිරීමට යෝජනා වූ මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය මේ මොහොතේ ප‍්‍රමුඛ නොවන බවත් ඒ වෙනුවට පළාත් මට්ටමින් සහ පාසල් මට්ටමෙන් නවක ක්‍රීඩකයන් ජාතික තලයට ගෙන ඒමේ වැඩපිළිවෙළට වැදගත්කම මහේල ජයවර්ධන විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පහදා දෙන ලදී.

එමෙන්ම ඇතිවී තිබෙන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ලෝක ලෝක ආර්ථිකය යම් ප්‍රමාණයකට සංකෝචනය වනු ඇති බවත් එනිසා හෝමාගම තවත් ක‍්‍රිකට් පිටියක් ඉදිකර එමගින් ලාභ ඉපැයීමක් ගැන සහතික කල නොහැකි වුවද බවත් ඔහු පෙන්වා දුන්නේය.

සාකච්චාවේ ප්‍රතිපල මත මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී තිබුණේ අදාළ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම හා අත්හිටුවන ලෙසයි.

(under the courtesy of lankacnews.com news web)

Related posts

යටිනුවර මන්ත්‍රී මරණය: පොලිස් නිලධාරියෙක් චෝදනා ප්‍රතික්ෂේප කරමින් පරීක්ෂණයක් ඉල්ලයි

Maimoonar

ශ‍්‍රී පාදයේ අධික තදබදයක්.. විනාඩි ගණනක් එකම තැන.. කිලෝමීටර ගණන් වාහන පෝලිම්..

Maimoonar

සම්පන්දන් අමෙරිකාවෙන් ආරක්ෂාව ඉල්ලයි

Maimoonar

8 comments

Comments are closed.