February 26, 2026
International NewsNews

වැඩිම කොරෝනා රෝගීන් ගණනක් වාර්තා වීම රටට ගෞරවයක් – අමෙරිකානු ජනාධිපති කියපු කතාව

ලොව වැඩිම කොරෝනා ආසාධිතයින් ගණනක් වාර්තා වූ රට බවට අමෙරිකාව පත්වීමත් සමඟ අමෙරිකානු ජනාධිපතිවරයා  දැක්වූ අදහස් ලොව පුරා කතාබහට ලක්වෙමින් පවතිනවා. ඒ අනුව ලෝකයේ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් තම රටින් වාර්තා වීම අමෙරිකාවට ගෞරවයක් බවයි එරට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප්‍රකාශ කරන්නේ.

එසේම එමගින් තම රටේ ජනතාව වැඩි පිරිසක් පරීක්‍ෂණවලට භාජනය කර ඇති බව ඔප්පු වන බව පෙන්වා දෙන ඔහු අමෙරිකාවේ පරීක්‍ෂණ වඩා නිවැරදි බව එමගින් තහවුරු වන බවද ප‍්‍රකාශ කර තිබෙනවා.

මේ අතර කොරෝනා වෛරසයට ගොදුරු වුවන් සඳහා ලබා දෙන හයිඩ්‍රොක්සික්ලොරෝක්වීන් ඖෂධය ඉකුත් සති දෙකක කාලය සිට තමන් ද භාවිත කිරිමට ආරම්භ කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා.

මැලේරියා රෝගයට එරෙහි නිපදවූ මෙම ඖෂධය අමෙරිකාව විසින් කොරෝනා ආසාධිත රෝගින්ටද ලබාදීමට ඉකුත්දා පියවර ගනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම ඖෂධය ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් භාවිතා කිරිම ආරම්භ කලේ කුමන හේතුවක් මතද යන්න සම්බන්ධයෙන් මේ දක්වා අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

(under the courtesy of nethgossip.lk news web)

Related posts

ගුරුවරියන්ගේ සාරිය ගැන අවසන් තීන්දුව මෙන්න..

Maimoonar

ඉරාජ්ගේ නිවසටත් පහර දේ..

Maimoonar

ජනපති අනුර අත්සන් කල මුදල් නෝට්ටු එන දවස ගැන මහ බැංකු අධිපති කියයි..

Maimoonar

5 comments

Comments are closed.