February 26, 2026
International NewsNews

ලොවපුරා කොරෝනා ආසාදිතයින් ලක්‍ෂ 50 ඉක්මවයි

ලෙව පුරා වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව අද ලක්‍ෂ පනහේ සීමාව ඉක්මවා ගියා. නවතම දත්තවලට අනුව වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව පනස් ලක්‍ෂ 18,592 ක්. කෙසේවෙතත් ඒ අතරින් 19 ලක්‍ෂ 80,290 දෙනෙකු සුවය ලබා තිබෙනවා. සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව තුන් ලක්‍ෂ 25,671 ක්.

මේ අතර නව්‍ය කොරෝනා වෛරසයේ නවතම රැල්ලක් ඇතිවීමේ සැකය මත මිලියන 100ක ජනගහණයකින් යුත් චීනයේ ප‍්‍රාන්තයක නගර දෙකක් සම්පුර්ණයෙන්ම වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊසාන දිග චීනයේ පිහිටි ජිලින් පළාතේ රෝහල් දෙකක් කොරෝනා ආසාදිත බවට සැක කෙරෙන රෝගීන් සඳහා වෙන් කිරිමටයි බලධාරින් දැනටමත් පියවර ගෙන ඇත්තේ.

ජිලින් ප‍්‍රාන්තයේ පිහිටි නගර දෙකක් කේන්ද්‍ර කරගෙන කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් පවතිනවා. මේ වන විට ජිලින් ප‍්‍රාන්තයෙන් කොරෝනා ආසාදිත රෝගීන් 39 දෙනෙක් වාර්තා වී ඇති අතර පළමු රෝගියා බවට හඳුනා ගෙන ඇති ඇඳුම් පිරිසිදු කරන්නා හට එම වෛරසය ආසාදනය වූ ආකාරය මේ දක්වා තහවුරු වී නැහැ. වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ වුහාන් නගරයෙන් ද නව ආසාදිතයෙකු වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර නව්‍ය කොරෝනා වෛරසයේ දැඩි බලපෑමක් එල්ලවී තිබෙන බ‍්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ වෙසෙන ආදීවාසී ජනතාව එම වෛරසට අපුරු ප‍්‍රතිකාරයක් සොයා ගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන් ගස් වල පොතු සහ මී පැණි යොදා සකස් කරන ලද ඖෂධයක් කොරෝනා ආසාදිත රෝගීන්ට ප‍්‍රතිකාර කිරිමට යොදා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ඇමසන් වනාන්තරය තුල ගෝත‍්‍ර 300 කට අයත් ආදිවාසින් ලක්ෂ 08 ක් පමණ ජීවත් වනවා. බ‍්‍රසීල රජයෙන් ලබා දෙන කොරෝනා ප‍්‍රතිකාර ලබා නොගන්නා මෙම ආදීවාසීන් තමන්ගේම සාම්ප‍්‍රදායික ක‍්‍රමවේදයන් භාවිතා කරමින් ඊට ප‍්‍රතිකාර කිරිමට කටයුතු කරමින් සිටීම විශේෂත්වයක්.
(under the courtesy of nethnews.lk news web)

Related posts

7000ක් හොරට අස්වැසුම ගනී..

Maimoonar

නව සන්ධානයේ මංගල රැලිය කැදවයි.. ප‍්‍රබලයන් වේදිකාවට…

Maimoonar

අපරාධකරුවන් ආරක්ෂා කළ යුගය අවසන් බවත් අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත බවත් ඇමති සමන්ත විද්‍යාරත්න පවසයි

Maimoonar

1 comment

Comments are closed.