NewsPolitical

මැතිවරණය 20 තියන්න බෑ.. සෞඛ්‍ය නිර්දේශඅත්‍යවශ්‍යයි..- මැකො ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි..

වර්තමානයේ උදාවී ඇති තත්ත්වය මත ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද(20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ එහි සාමාජික නලින් අබේසේකර යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම දැනුම්දීම සිදු කළේය.

මැතිවරණයක් පැවැත්විය හැකි බවට සෞඛ්‍ය අංශ වලින් කොළ එළියක් ප්‍රකාශයට පත්වන තුරු මැතිවරණයක් පැවැත්විය නොහැකි බව සදහන් කළ මැතිවරණ කොමිසම වෙනුවෙන් පිටි පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මැතිවරණයක් පැවැත්විය හැකි බවට සෞඛ්‍ය අවශ්‍ය වලින් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු විගස ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද අධිකරණයට දන්වා සිටියේය.

මෙම දැනුම් දීමෙන් අනතුරුව පෙත්සමක් ඉදිරිපත් කර තිබූ නීතිඥ චරිත ගුණරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා කියා සිටියේ තම සේවාදායකයා ඉල්ලා සිටින සහනය මේ වන විටත් හිමි වී ඇති නිසා එම පෙත්සම ඉදිරියට පවත්වාගෙන නොයන බවයි.

සෙසු පෙත්සම් පිළිබඳ විභාගය පැවැත්වෙයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම පෙත්සම් විභාගය පැවැත්වේ.

(under the courtesy of lankacnews.com news web)

Related posts

කොළඹ ආසාදිතයන් විශාල ලෙස ඉහල යනවා.. වෛරසය අපේ පාලනයෙන් ගිලිහෙනවා..- PHI සංගමය

Maimoonar

අරගලයෙන් පසු සනත්ට තනතුරක්… සංචාරක සන්නාම තානාපති වෙයි…

Maimoonar

විදුලිය බෙදා හැරීමට දෙන ජපන් ආධාර නවත්වයි -අපිට පාඩුවක් නැහැ – ඩලස් කියයි

Maimoonar

7 comments

Comments are closed.