Local NewsNews

තවදුරටත් ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට සැළසුම් කර ඇති රටවල් ගැන පැහැදිළි කෙරේ

කොවිඞ්-19 වසංගතය හමුවේ රටවල් 17 කින් ශ‍්‍රී ලාංකිකයින් 4,000 කට අධික සංඛ්‍යාවක් මේ දක්වා කාලය තුළ දිවයිනට ගුවන් මගින් රැගෙනවිත් ඇතැයි ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ පවසනවා.

තවත් රටවල් රැසක කොටුවී සිටින ශ‍්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වාගැනීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බවයි ඔහු නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ.

ඉදිරි දින කිහිපය තුළ තායිලන්තය, කුවේට්, ඉන්දුනීසියාව යන රටවල් තුනෙන් විශාල පිරිසක් ලංකාවට පැමිණීමට නියමිතයි. රුසියාව, බෙලරූස්, කටාර්, බංග්ලාදේශය යන රටවලින් ද පිරිස් රැගෙන ඒමට මේ වන විට කටයුතු කරමින් ඇති බවත් සඳහන් කෙරුණා. තවදුරටත් මාලදිවයින, පිලිපීනය, සිංගප්පූරුව, ඩුබායි සහ අප්‍රිකානු රටවල් කිහිපයකිනුත් ශ්‍රී ලාංකිකයින් ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් සිටින බවයි පැවසුවේ.

නිරෝධායන මධ්‍යස්ථාන තුළ පවතින ඉඩපහසුකම් අනුව විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු සිදුකෙරෙන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

නව ඡන්ද ක‍්‍රමයකට කැබිනට් යෝජනාවක්.. ජනාධිපතිවරණයත් කල් යයි..?

Maimoonar

ඇඳිරි නිතිය ඉවත් කෙරුණත් නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂ වැඩපිලිවලක් සකස් කරන්නැයි ජනපති උපදෙස්

Maimoonar

ඇඳිරි නිතිය ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශ මෙන්න

Maimoonar

2 comments

Comments are closed.