27.2 C
Colombo
October 8, 2026
NewsPolitical

ආණ්ඩුව සීෂේල්ස් කොරෝනා රෝගීන් ලංකාවට ගෙන්වලා සගවාගෙන බෙහෙත් කරනවා..

මෙඩිකල් ටුවරිස්ම් කියමින් ආණ්ඩුව විසින් කොරෝනා වැළඳුණු සීෂෙල්ස් වැසියන් මෙරටට ආනයනය කරමින් සිටින්නේ යැයි හිටපු ඇමති චම්පික රණවක මහතා සඳහන් කරයි.

කොරෝනා රෝගීන් ලංකාවට ආනයනය කිරීමට කටයුතු කල අය සම්බන්ධයෙන් ද අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු පැවසීය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. ‍

ශ‍්‍රී ලාංකිකයන් 300ට වැඩි පිරිසක් සීෂෙල්ස් රාජ්‍යයේ සිරවී සිටියදී ආණ්ඩුව ඒ ගැන නොතකා මෙඩිකල් ටුවරිස්ම් කියමින් සීෂෙල්ස්හි කොරෝනා රෝගීන් ලංකාවට ආනයනය කරමින් සිටින බවද ඔහු පැවසුවේය.

එම රෝගීන් සගවා ඇති ස්ථානයන් පිළිබඳව සොයාබලා වාර්තා කරන්නැයි මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ධම්මික පැණියට රජරට සරසවියෙන් පොල්ලක්.. සායනික පරීක්‍ෂණ අල කරවයි.. කුහකාචාරියෙක් ඒ පසුපස..

Maimoonar

වරාය චාරිකාව ගැන මං සතුටින්.. බලාපොරොත්තු හොඳටම ඉෂ්‍ට වුනා..

Maimoonar

ගාල්ලේ පාසල් 26ක දරුවන් 43 දෙනෙකුට කොරෝනා

Maimoonar

686 comments

Comments are closed.