Local NewsNews

Corona : නිකවැරටිය වසා දමයි..

ඊයේ පස්වරුවේ සිට නිකවැරටිය පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

සැමියා වැලිසර නාවික හමුදා කදවුරේ සෙබලෙක් වන නිකවැරටිය ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

අදාළ කාන්තාව ප්‍රදේශයේ විශාල පිරිසක් සමග සමීපව ඇසුරු කර ඇති බව අනාවරණය වී තිබේ.

සැමියාගෙන් ඇයට වෛරසය ආසාදන වන්නට ඇතැයි සැක කලද එම නාවික සෙබලාට කොරෝනා වෛරසය ආසාදනය වූ බවක් මෙතෙක් තහවුරු වී නැත.

නිවාඩුවට පැමිණි මෙම සෙබලා සමග කාන්තාවද ප්‍රදේශයේ නිවාස ගණනාවකට සහ පොදු ස්ථාන රැසකට ගොස් තිබීම හේතුවෙන් මෙසේ ප්‍රදේශයේ ඇඳිරි නීතිය පනවා තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

නායකයා තරගය දිනවයි.. ලෝක ශූරයන් පරදවයි..

Maimoonar

කොරෝනා මැද යුරෝපය සංචාරක කර්මාන්තය යළි අරඹයි – සංචාරකයන්ට පැනවූ බාධාත් ඉවත් කෙරේ

Maimoonar

නාඩු සහ සම්බා සහල් තොග මිල පාලන මිල ඉක්මවා යයි…

Maimoonar