Local News News

නාවික හමුදාවේ පිරිස් ගැන අනියත බියක් අවශ්‍ය නෑ-නාවික හමුදාව පවසයි

නාවික හමුදාවේ සේවය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ජනතාව සෞඛ්‍යමය වශයෙන් අනියත බියක් ඇති කර ගත යුතු නොවන බව නාවික හමුදාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව පවසන්නේ නාවික භටයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව එම කදවුරේ නාවිකයින් 4000 ක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෛරස ආසාදිත පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි.

ආසාදිත නාවිකයින් ඇසුරු කළ බවට හදුනාගත් නිවාඩු මත සිටින නාවිකයින් නැවත කඳවුර වෙත ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇති අතර නිවාඩු මත සිටින සෙසු සාමාජිකයින් ඔවුන්ගේ නිවෙස්වලම තැබීමට කටයුතු කර ඇත.

නිවාඩු මත හෝ කදවුරින් බැහැරව සිටින ඕනෑම පුද්ගලයෙකු පිළිබදව 0112 44 53 68 හා 0117 19 22 51 යන දුරකතන අංක, 0112 44 14 54 යන ෆැක්ස් අංකය සහ 011 220 13 65 යන වට්ස්ඇප් අංකය ඔස්සේ තොරතුරු දැනගත හැකි බවයි නාවික හමුදාව පැවසුවේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

විශ්‍රාමික හැඳුනුම්පත හෝ ඇදිරි නීති බලපත්‍රය අවභාවිතා කළොත් දැඩි ක්‍රියාමාර්ග

Shiran Viraj

සපුගස්කන්ද වැසීමෙන් ගෑස් නිෂ්පාදනය නවතී… ගෑස් හිගයට තවත් බලපෑම්..

Shiran Viraj

රතිඤ්ඤා කරලක් කටේ තියාගත්ත විදේශිකයා රෝහලට

Shiran Viraj

6 comments

Comments are closed.