32 C
Colombo
February 19, 2026
Local NewsNews

අපේ‍්‍රල් 20 වනවිට කොරෝනා දෙවැනි නැගිටීමක්.. මාසයක් නීති දැඩි කරන්න.. මාස 06ක් මේ විදිහට කරන්න..- ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයට දන්වයි..

තවත් මාස හයක පමණ කාලයක් යනතෙක් රටතුළ ගමනාගමනය අවම කිරීම, දුරස්ථ භාවය පවත්වා ගැනීම, නිරන්තරයෙන් දෑත් සේදීම, නිවසට ආසන්නම වෙළඳසැලෙන් ආහාර ද‍්‍රව්‍ය මිලට ගැනීම වැනි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ යුතු බව ‍ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් රජයට යෝජනා කර ඇත.

එම සංගමයේ මහාචාර්ය ඉන්දීක කරුණාතිලක මහතා විසින් සෞඛ්‍ය බලධාරීන්ට ඊයේ දිනයේ මේ බව දැනුම් දී ඇත.

මේ මස 20 වැනි දින දක්වා කාලය තුල කොරෝනා වෛරසය දෙවැනි නැගීමක් අපේක්ෂා කළ හැකි බව ද ඒ ගැන වැඩි අවධානය කටයුතු කළයුතු බවද ඔවුන් පෙන්වා දී තිබේ.

ඒ අනුව ඉදිරි සති දෙකක පමණ කාලය රටපුරා කොරෝනා රෝග තත්ත්වය ඉතාම අවදානම් විය හැකි බවත් තවත් සති හතරක් යනතෙක් රටේ ආරක්ෂක නීති දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත් යෝජනා කර ඇත.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී මෙම කරුණු පෙන්වා දී තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

එලවළු සැපයුම තවත් බහී.. රටපුරා ආර්ථික මධ්‍යස්ථාන වසා දමන්න සැරසේ..

Maimoonar

කොරෝනා නව ප්‍රභේදය ඉන්දියාවට ඇතුළුවේ – ආසාදිතයින් 6 ක් තහවුරුවේ

Maimoonar

රජයේ මුදලින් හෙලිකොප්ටර පැදලා යයි චම්පිකට චෝදනා…

Maimoonar

57 comments

Comments are closed.