January 22, 2026
NewsPolitical

පරීක්ෂණ වැඩි කිරීම සඳහා සැපයුම් අඩුපාඩු බාධාවක් නම් වහාම සොයා බලා අවශ්‍ය සැපයුම් ලබා ගැනීමට කටයුතු කරන්න – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා සමාජයේ සිටින රෝගීන් ස්ක්‍රීනින් පරික්ෂාවට වැඩි වශයෙන් භාජනය කිරීම සඳහා අවශ්‍ය සැපයුම් හිඟයක් තිබේනම් වහාම ඒවා සපයා ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් බව වාර්තා වේ.

සැපයුම් හිඟයක් නිසා සෙම සාම්පල ලබා ගැනීමට අවශ්‍ය ” ස්වොබ්ස් ” දේශීයව නිපදවීමට උත්සහා කරන බවට වාර්තා පළවීම සමඟ ලංකා ලීඩ් පර්යේෂණ ඒකකයේ සොයා බැලීම අනුව ඒවා රාජ්‍යයන් දෙකක් අතර ගනුදෙනු ලෙස හෙවත් රජයකින් තවත් රජයකට කරනු ලබන ඉල්ලිමක් ලෙස ලබා ගැනීමේ හැකියාව ඇති බව ලංකා ලීඩ් විසින් වාර්තා කරන ලදී.

ශ්‍රී ලංකාවේ යම් සැපයුම් කරුවන් එසේ චීනයට ඇනවුම් ඉදිරිපත් කොට ඇතත් ඒවා වාණිජ වශයෙන් ලබා ගැනීමේ පමාවක් ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් මේ අවස්ථාවේදී පර්යේෂණ මට්ටමින් ” ස්වොබ්ස් ” දේශීයව හැදීමට උත්සහා කිරීම මඟිින් ගැටළු පැන නැගිය හැකි බවට විද්වතුන් අදහස් පළ කරති.

Related posts

රනිල්ගෙන් පසු එජාපයට රවී කරුණානායක හැර වෙන විකල්පයක් නෑ…

Maimoonar

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුගේ වත්කම් රාජසන්තක කිරීමට පියවර

Maimoonar

ශ‍්‍රී ලංකාව අද අවසන් මහ තරගයේ…

Maimoonar

144 comments

Comments are closed.