January 22, 2026
Local NewsNews

කොරෝනා බිළිගත් හත්වන මරණයේ අවසන් කටයුතු සිදු කරයි

කොවිඩ් -19 වෛරසය හේතුවෙන් මියගිය 7 වන පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකර තිබේ.

අද(09) පෙරවරු 11.30 ට පමණ කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී ජාත්‍යන්තර නිරෝධායන නීතින්ට අනුකූලව දේහය ආදාහනය කෙරුණු බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

එම අවස්ථාවට මියගිය පුද්ගලයාගේ ඥාතීන් කිහිපදෙනකු ද සහභාගී වී  තිබේ.

44 හැවිරිදි ගල්කිස්ස ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු වන මෙම පුද්ගලයා අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රී මියගියේය.

ජර්මනියේ සංචාරයක නිරත වී මෙරටට පැමිණිමෙන් අනතුරුව ඔහුට වෛරස වැළදී ඇති බව සෞඛ්‍ය අංශ පැවසුවේය.

මේ වන විට මෙරටින් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාධිතයින් 189 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 44 දෙනෙකු සුවය ලබා තිබේ.

ශ්‍රී ලංකාව තුළ වෛරස් ආසාධිතයින්ගෙන් වැඩි ප්‍රතිශතයක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

මේ අතර වෛරස් ආසාධිතයින් සමඟ සෘජුව සම්බන්ධතා පවත්වා ඇති පිරිස 42,000ක් බවට පැතිර යන තොරතුර සාවද්‍ය බවයි ඔහු සදහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

පාසලේ මැරතන් තරඟයේදී සිසුවකු බසයට යටවී මරුට..

Maimoonar

මං ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වෙන්නේ නෑ..අස්වෙන්න කියා ජනතාව කියන්නේ නෑ..2001දී ඇමරිකා ජනාධිපති අස්වුනෙත් නෑ

Maimoonar

තවත් කොරෝනා 11ක්.. සියළු දෙනා වැලිසරින්.. ඊයේ දිනයේ පිටතින් කිසිවෙකු නෑ

Maimoonar

1,017 comments

Comments are closed.