NewsPolitical

අසීරුවට පත් සියළු රටවල් වෙනුවෙන් ලෝක ආධාර ආයතන වෙත ජනපතිගෙන් ඉල්ලීමක්…

සංචාරක ව්‍යාපාරය, අපනයන, විදෙස්ගත රැකියාලාභීන්ගෙන් ලැබෙන ආදායම් සහ ණය හා කොටස් වෙළඳපොළෙහි විදේශ ආයෝජන මත රඳා පවතින ආර්ථිකයන් සහිත ශ්‍රී ලංකාව වැනි අවදානමට පත් සංවර්ධනය වන රටවලට සහන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටී.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග දුරකථනයෙන් කථා කළ ජනාධිපතිතුමා ණය අත්හිටුවීමට හෝ ණය නැවත පෙළගැස්වීමට හෝ ඉඩ දෙන ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ, ලෝක බැංකු සභාපති, ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සහ ද්විපාර්ශ්වික ණය සපයන මුල්පෙළේ රටවල නායකයන් එකඟ කර ගන්නැයි පැවසීය.

– ජනාධිපති මාධ්‍ය අංශය
(under the courtesy of lankacnews.com news web)

Related posts

සජිත් අගමැති අපේක්‍ෂක ලෙස එජාපය විසින් නම් කරයි..

Maimoonar

මැතිවරණ කොමිසමේ ලිපියෙන් තවත් 5000ක් ගෙවීම නතර කරයි

Maimoonar

විමල්ට එරෙහිව පොහොට්ටු පසුපෙල මන්ත‍්‍රී සන්ධානයක් හැදේ.. ජනපති, අගමැති, බැසිල් හමුවී සාකච්චා කරන්න ලියති..

Maimoonar

920 comments

Comments are closed.