29.5 C
Colombo
February 12, 2026
NewsPolitical

මෛත්‍රිව නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

පොලිස්පති ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීමට එවකට කටයුතු කළ ජනාධිපතිවරයා ගත් තීරණය අහෝසි කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ඔහු විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම මැයි මස 26 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) දින ලබා දුන්නා.  

ඒ අනුව මෙම පෙත්සමේ වග උත්තරකරුවකු ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පුද්ගලිකව නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා.

මීට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙසට කටයුතු කළ බැවින් ඔහු වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටියා.

කෙසේවෙතත් ඔහු දැන් එම ධුරයේ කටයුතු නොකරන බැවින් නීතිපතිවරයා ඔහු වෙනුවෙන් පෙනී නොසිටින බැවින් ඔහු වග උත්තරකරුවකු ලෙසට පුද්ගලිකව නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දෙන ලදි.

මෙම පෙත්සම කැඳවූයේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය  ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේදීයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

උගතුන් පමණක් පාර්ලිමේන්තු එවීමේ උවමනාවක් නෑ..- මැ.කො.

Maimoonar

කුවේට් සිට පැමිණි 18ක් ඩුබායි සිට පැමිණි 17ක් සමග ඊයේ හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 61ක්

Maimoonar

රුපියල් ගෙවා ඉන්දියාවෙන් තෙල් ගන්න සූදානම්..

Maimoonar