January 29, 2026
Local NewsNews

මෙරට පළමුවරට විභාග අපේක්ෂකයින්ට ඝණක යන්ත්‍ර භාවිතයට අවසර

විභාග සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ට මෙරට පළමු වරට ඝණක යන්ත්‍ර භාවිත කිරීමට අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඔහු සඳහන් කළේ පළමු අදියර ලෙස තෝරාගත් විභාග කිහිපයකට ඝණක යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබා දෙන බවයි.

ඒ අනුව ලබන ඉරිදා පැවැත්වෙන ඝණකාධිකරණ සේවා විභාගයේදී පළමුවරට විභාග අපේක්ෂකයින්ට මෙම අවස්ථාව ලබා දෙන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

වෙන්නප්පුව ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් පැවසුවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම ජාතික පාසලක් ලබාදීමට කටයුතු කරන බවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ගුවන් විදුලි සභාපති හඩ්සන් ඇමැති බන්දුලට පරුෂ වචනයෙන් බැනලා…?

Maimoonar

ඇමති විමල්ගෙන් ප‍්‍රශ්ණ කරන්නැයි අධිකරණය නියෝග කරයි…

Maimoonar

තහනම මැද උතුරේ කොටි සැමරුම් රැසක්.. TNA මන්ත‍්‍රීන්ද එක්වෙති..

Maimoonar

1 comment

Comments are closed.