International NewsNews

චීනය කොරෝනා මරණ සංඛ්‍යාව ගැන සැබෑ තතු සඟවන බවට තොරතුරු හෙළිවේ : මරණ ගණන 25000 ඉක්මවයි

චීනයේ පැතිරෙමින් යන නව කොරෝනා වෛරසය හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව එරට රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන සංඛ්‍යා ලේඛණ සමග සැසදීමේදී විශාල වෙනසක් දක්නට ලැබෙන බව සනාථ කරන පුවතක් තායිලන්ත ප්‍රවෘත්ති සේවයක් වාර්තා කර සිටිනවා.

චීනයේ පිහිටි දෙවන විශාලතම සමාගම වන Tencent විසින් නොදැනුවත්ම කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වන දත්ත හෙළි කර ඇති බවයි තායිවාන පුවත් සේවයක් වාර්තා කර සිටියේ.

Tencent සමාගම විසින් ඇතිවී තිබෙන වසංගත තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු ඇතුලත් වෙබ් පිටුවේ සඳහන් කර ඇත්තේ නව කොරෝනා වෛරසයෙන් පුද්ගලයින් 24,589ක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

එමෙන්ම වෛරසය ආසාධනය වූ පුද්ගලයින් ගණන 154,023 ක් බව සඳහන් කර ඇති අතර මෙම දත්ත චීන රජය විසින් ජාත්‍යන්තරයෙන් වසන් කොට තබන සැබෑම දත්ත වන්නට ඇති බවයි විශ්වාස කරන්නේ.

නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මෙම කරුණු වාර්තා කළ Tencent සමාගමේ වැඩි හිමිකාරිත්වයක් දරන්නේ ද චීන රජයයි. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග චීනයේ මහජන ආණ්ඩුව විසින් සිය රට වැසියන්ට මෙන්ම ලෝකයටද සත්‍ය වසන් කිරිම සම්බන්ධයෙන් දැඩි දෝෂ දර්ශණයට ලක්ව සිටියි.

කෙසේ වුවත් චීන රජය විසින් සඳහන් කරන්නේ කොරෝනා වෛරසය හේතුවෙන් මේ දක්වා මිය ගොස් ඇත්තේ පුද්ගලයින් 563ක් බවයි.

මේ අතර සෞදි අරාබිය විසින් සිය පුරවැසියන්ට චීනයේ සංචාරය නොකරන ලෙස දන්වමින් සංචාරක තහනමක් පනවා තිබෙනවා. එමෙන්ම චීනයේ සංචාරය කොට පැමිණෙන සෞදි පුරවැසියන් නොවන එහෙත් එහි ස්ථිර පදිංචිකරුවන්ට රටට ඇතුල්වීමට ඉඩ නොදීමටද එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

රටේම ජනතා ප්‍රාර්ථනාව ඉක්මනින්ම මාලිමාව බලය ගන්න කියන එකයි.. 113 තනි ආණ්ඩුව ෂුවර්..

Maimoonar

පාර්ළිමේන්තුවේ 225ට ඔහේ බලා සිටීමට සිදු වෙලා – විමල් වීරවංශ

Maimoonar

සහරාන්ගේ සොහොයුරු රිල්වාන් ගැනත් ජනපති කොමිසමේදී තොරතුරු රැසක් එළියට

Maimoonar

691 comments

Comments are closed.