January 22, 2026
International NewsNews

ලොව රටවල් 62කින් චීන ජාතිකයින්ට කොන්දේසි පනවයි

නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව රටවල් 62ක් චීන පුරවැසියන්ට සංක්‍රමණික පාලනයක් පනවා තිබෙනවා.

මේ වන විට රටවල් හයක් චීන පුරවැසියන් සඳහා සංක්‍රමණික නීති දැඩි කොට ඇති අතර තවත් රටවල් 04ක් චීන පුරවැසියන්ට තම රට තුලට පැමිණීම වැළැක්වීමට පියවර ගෙන ඇත. ඊට අමතරව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම ආරම්භ වූ හුබෙයි ප්‍රාන්තයට මෑත කාලයේ සංචාරය කළ පුද්ගලයින්ව තම රටවල් තුලට ඇතුලත් නොකිරිමේ ක්‍රියා පටිපාටිය අනුගමනය කරනු ලබන රටවල් ගණන 05ක් වන බවයි චීන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර සිටියේ.

ඊට අමතරව තවත් රටවල් 47ක් චීන පුරවැසියන් සිය රට තුලට ඇතුල්වීමට පෙර පුර්ණ වෛද්‍ය පරීක්ෂණයකට ලක්ව සෞඛ්‍ය වාර්තා ඉදිරිපත් කළ යුතු බවට කොන්දේසි පනවා ඇත.

ලොවපුරා රටවල් වලින් ලැබෙන මෙම ප්‍රතිචාර හේතුවෙන් සිය පුරවැසියන්ට තමන්ගේ විදෙස් සංචාර සැලසුම් කිරිමේදී ඔවුන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් මෙන්ම ඒ ඒ රටවල පවතින ආගමන විගමන නිතී සම්බන්ධයෙන් අවනත වන ලෙස චීන විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දීමක් සිදුකර ඇත.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රජ කුමාරයෙක් කුණුහරුප සිංදු හදන අයෙකුට කණට ගහලා..

Maimoonar

ඇමරිකා කොරෝනා එන්නත ලංකාවේදී රුපියල් 22,000යි.. ලංකාවටම වියදම කෝටි 1000ක් යයි..

Maimoonar

ෆවුසි ඉවතට.. මෛත‍්‍රී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස දිවුරයි.. ප‍්‍රබල ඇමතිකමක්ද සූදානම්..

Maimoonar

9 comments

Comments are closed.