January 8, 2026
NewsSportsSports News

ශ‍්‍රී ලංකාවට එරෙහි 20 – 20 තරගාවලියේ ජය ඉන්දියාවට

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තරග 03 කින් සමන්විත 20 යි 20 කි‍්‍රකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ, ඊයේ රාති‍්‍රයේ පැවැති 03 වන හා අවසන් 20 යි 20 තරගය ලකුණු 78 කින් ජය ගනිමින්. කාසියේ වාසිය හිමිකර ගත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ඇරයුම් කළා.

ඒ අනුව පළමුව පන්දුවට පරහදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 06 ක් දැවී රැුස්කළ ලකුණු සංඛ්‍යාව 201 ක්. කේ එල් රාහුල් ලකුණු 54 ක් සහ ශිකර් ධවාන් ලකුණු 52 ක් රැස්කළා.

පන්දු යැවීමේදී ලක්ෂාන් සඳකැන් ලකුණු 35 කට කඩුළු 03 ක් දවා ගත්තා. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15 යි පන්දු 5 කදී සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 123 ක් පමණයි. ධනංජය ද සිල්වා ලකුණු 57 ක් රැස්කළා. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 31 යි. ශ‍්‍රී ලංකා පිළේ සෙසු කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසුකර යාමට හැකිවූයේ නැහැ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අලුත් කැබිනට් මණ්ඩලය අද දිවුරයි..

Maimoonar

මහනුවර සුළු භුකම්පනයක් : බුරවි දුර්වල වුවත් රටේ කාළගුණයට තවදුරටත් බලපෑම්

Maimoonar

කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් ඉස්ලාම් ආගමානුකූලව භූමදානය කරන්න දෙන්න… පුච්චන්න එපා..

Maimoonar

1 comment

Comments are closed.