NewsSportsSports News

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන ටෙස්ට් ගැටුම ඇරඹේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය හරාරේහිදී දැන් පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායම දිනාගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පන්දුවට පහරදෙන සිම්බාබ්වේ කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කිසිවෙකු නොදැවී එක් ලකුණක් ලබා සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිස ඇත්තේ එක් වෙනස්කමක් සමගින්. කසුන් රාජිත වෙනුවට විශ්ව ප්‍රනාන්දු අද තරගය සදහා කැදවා තිබෙනවා. දෙරට අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුළු 10 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රථවාහන දඩ මුදල් මාර්ගගතව ගෙවීමේ GOV PAY යෙදුම පිළිබඳ නුවරඑළිය දිස්ත්‍රික් පොලිස් නිලධාරීන් දැනුවත් කෙරේ

Maimoonar

මගේ ඥාතීන්ට, හිතවතුන්ට හෝ ආධාරකරුවන්ට ණය දෙන්නැයි මා කිසි විටෙක බැංකු වලට කියා නෑ…- ජනපති

Maimoonar

ඉරානය විසින් F-15 ප්‍රහාරක යානයක් බිම හෙළූ බව පවසයි; මැදපෙරදිග ගැටුම් උච්ච අවස්ථාවකට

Maimoonar

485 comments

Comments are closed.