International NewsNews

විදෙස් රටක හිටපු ජනපතිවරයෙකුගේ දියණියක් කළ දැවැන්ත සූරාකෑමක් ගැන තොරතුරු

අප‍්‍රිකාවේ ධනවත්ම කාන්තාව ලෙස නම් දරා සිටි ඉසබෙල් ඩොස් සැන්ටෝස් සිය වත්කම් උපයා ගත් ආකාරය පිළිබඳ අනාවරණය වීමත් සමග එම කලාපය තුළ මතභේදාත්මක තත්ත්වයක් උද්ගතවී තිබෙනවා.

විදෙස් වාර්තා පවසන්නේ රහසිගත ලේඛණ කිහිපයක් පිටවීමෙන් මෙම තොරතුරු අනාවරණ වී ඇති බවයි.

ඇන්ගෝලානු ජාතික ව්‍යාපාරික කාන්තාවක් වන ඉසබෙල් ඩොස් සැන්ටෝස් මෙලෙස ධනවත් වී ඇත්තේ සිට රටේ ඉන්ධන, දියමන්ති සූරාකෑමෙන් සහ වෙනත් ගනුදෙනු වලින් ඉපයූ ලාභවලින් බවයි එම වාර්තා අනාවරණ කර ඇත්තේ.

සිය පියා වන ජෝස් සැන්ටෝස් ඇන්ගෝලාවේ ජනාධිපතිවරයාව සිටි සමයේ ඇය මෙලෙස ස්වභාවික සම්පත් සූරා කෑමට ලක් කර ඇතැයි සඳහන්.

කෙසේවෙතත් තමන්ට එල්ල වන චෝදනා ඉසබෙල් ඩොස් සැන්ටෝස් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

රටේ ඩොලර් නෑ.. බඩු ගේන්න විදිහක් නෑ.. බඩු මිල වේගයෙන් ඉහළ යාම නවත්තන්න බෑ..

Maimoonar

නීති හැදිය යුත්තේ පරිසරය ආරක්ෂා කිරීමට පමණක් නොව මිනිසුන් ජීවත් කරවීමද අරමුණු කරගෙනයි..- ජනාධිපති

Maimoonar

අලිනට පාර මාරුවෙන්න උමගක් හදාදෙයි..

Maimoonar

1 comment

Comments are closed.