January 15, 2026
LIFELIFE NEWSNews

වසර පුරාම මේ තුන් බිය ගැන සැලකිල්ලෙන් සිටින්න

එදිනෙදා ජීවිතයේදී “ මං එයාට උණ ගැනෙන්න දුන්නා” පවසන්නේ බරපතළ ලෙස ප්‍රහාරයක් එල්ල කළ විටයි. උණ රෝග ලකුණක්. ගුටි බැට දීමෙන් උණ ගැනීම කෙසේ වෙතත් වසරකට වරක් හෝ උණ අත් නොවිඳින කෙනෙක් ඇත්නම් ඒ ඉතා අඩුවෙනි.

වසරේ එක් එක් කාලවකවානුවලදී වැඩිපුර කතාබහට ලක්වෙන උණ රෝග තත්ත්වයන් තුනක් තිබෙනවා. එක් රෝග තත්ත්වයක් ඩෙංගි. අනෙක්වා මී උණ සහ ඉන්ෆ්ලුඑන්සා. මේ රෝගවල ප්‍රධාන රෝග ලක්ෂණය උණ. මී උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසිස් වසරේ හැම කාලෙම වාර්තා වුණත් මාර්තු සිට මැයි දක්වාත් ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා වාර්තා වෙනවා වැඩියි. අප්‍රේල් සිට ජූනි දක්වාත් නොවැම්බර් සිට ජනවාරි දක්වාත් ඉන්ෆ්ලුඑන්සා රෝගීන් ගැන වැඩිපුර වාර්තා වෙනවා. ඩෙංගි ගැන වැඩිපුරම වාර්තා වෙන්නේ ඔක්තෝබර් – දෙසැම්බර් සහ මැයි – ජුලි කාල වකවානුවලයි.

ඩෙංගි

නිතරම පරිසරයේ මදුරුවන් බෝවෙන තැන් සොයා ඒවා විනාශ කරන ලෙසට උපදෙස් දුන්නත් ඒ උපදෙස් හරිහැටි පිළිනොපලදින නිසාදෝ වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාවේ නම් අඩුවක් දක්නට ලැබෙන්නේ නැහැ. උදාවූ නව වසරේ ජනවාරි මාසයේ මුල ඩෙංගි රෝගීන් 600 ක් වාර්තා වී තිබෙනවා. දිගින් දිගටම වැසි ඇද හැළෙන කාල වකවානුවල වගේම විටින් විට වැසි ඇද හැළෙන කාලවලදීත් ඩෙංගි රෝගීන්ගේ ගණන ඉහළ යනවා. කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවලින් වැඩිපුර රෝගීන් පසුගිය වසරේ වාර්තාවී තිබෙනවා. 2019 වසරේ ඩෙංගි රෝගීන් එක් ලක්ෂ හාරසිය අනූ තුනක් වාර්තා වී ඇති අතර සායනිකව තහවුරු වුණු මරණ ගණන 102 ක්. සතියකට මිනිත්තු 30 ක් වැනි කෙටි කාලයක් යොදා ගෙන අවට පරීක්ෂා කරනවා නම් වාර්තා වෙන රෝගීන් ගණන මීට වඩා අඩු කර ගැනීමට පුළුවන්. ඩෙංගි මදුරුවකුට කිලෝමීටරයකට වඩා පීනන්න බැහැ. ඒ වගේම මදුරු බිත්තරයක් පුපුරා කීටයකු බවට පත්වී සුහුඹුල් මදුරුවකු ලෙසින් පිට වන්න සතියක කාලයක් ගතවෙනවා. ඒ නිසා අවට පරිසරය පරීක්ෂා කිරීම මදුරුවන් මර්දනය කළ හැකි සාර්ථක ක්‍රමයක්. නිවෙස් වටා වගේම ගොඩනැඟිලි ඉඳි කරන ප්‍රදේශ, පොදු තැන්, පාසල් සුලබව ඩෙංගි මදුරුවන් බෝවන තැන් නිසා ඒ තැන් ද සාමූහිකව පොදු හැඟීමකින් යුතුව පරීක්ෂා කළ යුතුයි. උණට ගත යුත්තේ පැරසිටමෝල් ඖෂධය පමණයි. මදුරුවන් අධික ස්ථානවලදි අත් දිගට ඇඳීම, මදුරු දෂ්ටනය වැළැක්වීමට පැඟිරි තෙල් ගැල්වීම වැදගත්. පැඟිරි තෙල්වලින් සම පිලිස්සෙන ගතියක් තියෙනවා නම් එය අඩු කරන්න පැඟිරි තෙල්, පොල්තෙල් සමසේ මිශ්‍ර කර ගල්වන්න. මීට අමතරව උණ වැලඳී දවස් දෙකකින් ව්ඉ1 පරීක්ෂාව සිදු කර ගැනීම වැදගත්.

ගර්භණී මවුවරුන්, වයස අවුරුදු 70 ඉක්මවූ අය, දියවැඩියාව, වකුගඩු ආබාධ වැනි නිදන්ගත රෝග ඇති අය, වයස අවුරුද්දට අඩු දරුවන් උණ වැලඳුණු වහාම ප්‍රතිකාර ලබා ගත යුතුයි

Related posts

ගෑස් මිල ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න…

Maimoonar

බෞද්ධයන්ට නායකත්වය දෙන්න..ඒකීය රට රකින්න- ඥාණසාර හිමි බලන්න වැලිකඩ ගොස් ඇමති රවී ඉල්ලයි

Maimoonar

තවත් ප‍්‍රදේශ ගණනාවක් ලොක්ඩවුන්… ලයිස්තුව මෙන්න…

Maimoonar

801 comments

Comments are closed.