LIFELIFE NEWSNews

රුව රකින කරපිංචා

“මිහිරි කොහොඹ කොළ”

ඒ ඉන්දියාවටත් අපටත් ආවේනික කරපිංචා ඉන්දියානුවන් හඳුන්වන නමයි. කොහොඹ තරමටම ගුණදායක රුවත් සුවයත් සුරකින කරපිංචා එලෙසින් හැඳින්වීම අරුමයක් නොවෙයි. අපේ නිවෙසක කරපිංචා කොළ කිනිත්තකින් රස නොවෙන ව්‍යාංජනයක් නැති තරම්ය. අප රසකාරකයක් ලෙස යොදා ගත්ත ද රසයත් සමඟ එන ගුණය ගැන වැඩි දෙනෙක් නොදනිති.

කාබෝහයිඩ්‍රේට්. තන්තු, කැල්සියම්, පොස්පර්ස්, යකඩ, මැග්නීසියම්, තඹ වගේ අත්‍යවශ්‍ය ඛනිජ ලවණ මෙන්ම නිකොටින්, විටමින් සී, විටමින් ඒ, විටමින් බී, විටමින් ඊ, ප්‍රතිඔක්සිකාරක, ඇමයිනෝ අම්ල ආදී නැතිවම බැරි පෝෂක රාශියක් මෙහි අඩංගුය. රස පමණක් විඳ කරපිංචා කොළය ඉවත දැමුව ද එහි ගුණ කෙතරම්ද ?

ඔසු ගුණයක් ද පවතියි.

පර්යේෂණවලින් හෙළිවී ඇති අන්දමට මෙහි ඩයරියා වළක්වන ගුණයක් පවතියි. ඩයරියා ඇති විට කරපිංචා කොළ මිටක් සපා බලන්න. නැත්නම් කරපිංචා කොළ යුෂ ස්වල්පයක් පානය කරන්න. එසේම උදර ආන්ත්‍රික රෝගවලට ද මෙය ගුණදායකය. අජීර්ණයට කරපිංචා කොළ මිටක යුෂ ස්වල්පයක් එක්කර පානය කරන්න. කරපිංචා කොළවලින් පල්පයක් සාදා එළඟිතෙල් මිශ්‍රකර හිස්බඩ ගැනීම උදරයට සහ අන්ත්‍රවලට ගුණදායකය.

ඉන්දියානු ආයුර්වේද උපදෙස් ඇසුරිනි.

Related posts

ඩයනා ගමගේ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කරයි..

Maimoonar

රවි කරුණානායක හෙලිකොප්ටරයකින් මන්නාරමට….

Maimoonar

හොද අයවැයක් කියන්නේ කුමක්දැයි අද පෙන්වනවා.. අඬෙන්නම පඩි වැඩි කරනවා..

Maimoonar

1,094 comments

Comments are closed.