January 15, 2026
International NewsNews

ට‍්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය විභාගයට ජූරි සභාවක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය විභාගය කිරීම සඳහා සෙනට් සභාවේ නීති සම්පාදකයින් සිය දෙනෙකුගෙන් යුත් ජූරි සභාවක් ඊයේ (16) දිවුරුම් දී තිබෙනවා. ඒ එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ජෝන් රොබට් ඉදිරියේයී.

අපක්ෂපාතීව යුක්තිය ඉටු කිරීම සඳහා එම ජූරි සභාව මෙලෙස දිවුරුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ව්‍යවස්ථාවට හා නීතිවලට අනුව අපක්ෂපාතිව යුක්තිය ඉටු කරන බවට දිවුරුම් දෙනවාද? එසේත් නැත්නම් දෙවියන්ට උදව් කරනවාද? යන්න අගවිනිසුරුවරයා විසින් මෙහිදී දිවුරුම් දුන් සෙනට් සභිකයින්ගෙන් ප‍්‍රශ්න කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම නඩු විභාගය ලබන අඟහරුවාදා ආරම්භ වීමට නියමිතයි. නියෝජිත මන්තී‍්‍ර  මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද චෝදනා  සම්බන්ධයෙන්  ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඉවත් කළ යුතුද නැත්ද යන්න ඉදිරි සතියේදී තීරණය කරණු ඇති බවයි විදෙස් වාර්තා වැඩි දුරටත් පැවසුවේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ප‍්‍රසිද්ද ටියුෂන් පන්තියක සියළු සිසුවියන්ගේ නිරුවත වීඩියෝ කරයි..

Maimoonar

ඉන්ධන මත විශාල බද්දක් පනවයි.. යලිත් ඉන්ධන මිල ඉහලට.. නව බදු ප‍්‍රමාණ මෙන්න..

Maimoonar

මහා බැදුම්කර හොරා මගෙ ලගම ඥාතියෙක්.. ඒ ගැන මං කණගාටු වෙනවා..- මෙතෙක් හෙලි නොකල රහස කබ්රාල් හෙලි කරයි..

Maimoonar

2 comments

Comments are closed.