International News News

හිටපු පාකිස්ථාන ජනාධිපතිට මරණ දඬුවම

පාකිස්ථානයේ හිටපු ජනාධිපති ජෙනරල් ෆර්වේස් මුෂාරෆ්ට එරට අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා. ඒ ඉස්ලාමාබාද් හි පැවති විශේෂ අධිකරණයක් විසින්.

රාජද්‍රෝහී ක්‍රියාවක් සම්බන්ධයෙන් 2013 වර්ෂයේ සිට විභාග වෙමින් පවතින නඩුවක් අනුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් හිටපු ජනාධිපති ජනරාල් ෆර්වේස් මුෂාරෆ්ට එරෙහිව මරණ දඬුවම නියම කර ඇත.

1999 වර්ෂයේදී හමුදා කුමන්ත්‍රණයක් සිදුකරමින් පාකිස්ථාන රජයේ බලය අත්පත් කර ගත් ජෙනරල් මුෂාරෆ් 2001 වර්ෂයේ සිට 2008 දක්වා එරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

දැනට ජෙනරාල් මුෂාරෆ් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා 2016 වර්ෂයේ දී රජයේ අවසරය මත ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

2007 වර්ෂයේදී ජනාධිපතිධුර කාල සීමාව දීර්ඝ කිරීමේ අරමුණින් යුතුව ජනරාල් ෆර්වේස් මුෂාරෆ් හදිසි නිතිය ප්‍රකාශයට පත් කරමින් එරට ව්‍යවස්ථාව අත්හිටුවීමට පියවර ගනු ලැබුවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අර්තාපල් තොග මිල 260යි.. පොහොර නැතිව අස්වැන්න අඩුයි…

Shiran Viraj

මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂතුමා ආචාර්ය එම්. ශිරාන් මහතාගේ තවත් සත්කාරයක්

Shiran Viraj

කොරෝනා 1028 දක්වා ඉහලට..

Shiran Viraj

Leave a Comment