31.7 C
Colombo
February 26, 2026
NewsSportsSports News

මීටර් 100 සහය දිවීමෙන් ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රිඩිකාවෝ සාග් පිටියේ ජය කෙහෙළි නංවති

නේපාලයේ පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රිඩා උළෙලේ මීටර් 100 සහය දිවිම පිරිමි සහ කාන්තා ඉසව් දෙකේම රන් පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද (06) සමත් වූණා. මීටර් 100 සහය දිවිම පිරිමි ඉසව්ව ශ්‍රී ලංකාව ජය ගත්තේ නව දකුණු ආසියානු වාර්තාවක්ද පිහිටුවමින්. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග නිමි කාලය තප්පර 39යි දශම 1යි 4ක් වුණා.

මීටර් 100 සහය දිවීම කාන්තා ඉසව්ව ශ්‍රී ලංකාව ජය ගත්තේ තප්පර 44යි දශම 8යි 9ක තරග නිමි කාලයකින්.

මේ අතර දකුණු ආසියානු ක්‍රිඩා උළෙලේ පිරිමි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියෙදී මාලදිවයින පරාජය කරමින් ලකුණු 98ක ජයග්‍රහණයක් ලබා  ගැනීමටද ශ්‍රී ලංකාව සමත් වුණා.

පලමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රිඩකයන් කඩුලු 04ක් දැවී ලකුණු 192යි. මාලදිවයිනේ පිළිතුරු ඉනිම කඩුලු 08ක් දැවී ලකුණු 94කට සීමා වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ වඩාත් කැපීපෙනෙන ක්‍රිඩකයා වුණේ පන්දු 54කදී ලකුණු 102ක් ලබා ගත් කමිදු මෙන්ඩිස්.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකුගේ සහෝදරයෙක් හෙරොයින් සමග කොටු

Maimoonar

අමිල ගැන මිහිරුනි දන්න දේ

Maimoonar

ප‍්‍රභූ ආරක්‍ෂකයන් 44කට කොරෝනා..

Maimoonar

4 comments

Comments are closed.