30.4 C
Colombo
October 8, 2026
Local NewsNews

ජනපති ගෝඨාභයට උතුරේ ඡන්ද නොලැබුණු හේතුව රෝහිත කියයි

අලංකාරවත් රටක් නිර්මාණය කිරීම සඳහා දායක වන කම්කරුවන් ඇතුළු සියලුදෙනා නිසි ඇගයීමකට ලක්කළ යුතු බව අග‍්‍රාමත්‍ය පුත් රෝහිත රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (09) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් ගුඞ් නයිට් වැඩසටහනට එක්වෙමින්.  

ඉකුත් ජනාධිපතිවරණයේදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට උතුරු පළාතේ බහුතරයක් ඡන්දය ලබා නොදීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් ද, ඔහු මෙහිදී අදහස් පළ කළා.

එහිදී “දැන් අපිට උතුරේ කවුරුත් ඡන්ද දුන්නේ නෑනේ. හැබැයි ඡන්දෙ දුන්නේ නෑ කියන්නේ.. ඒ උතුරේ ඉන්න මිනිස්සුන්ගේ වැරැද්ද නෙමෙයි. අපිම කරගත්ත දෙයක්. උතුරේ ඉන්න මිනිස්සුන්ට අවශ්‍ය දේ හඳුනාගෙන නෑ. එහෙනම් අපි ඒ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් හඳුනා ගන්න ඕනේ. මේ දෙමළ මිනිස්සු අපිට වැඩක් නෑ කියන එක නෙමෙයි.” යනුවෙන් සඳහන් කළා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

නිවාස දෙකකට ප්‍රහාරයක්… නිවෙස් හිමියා මිරිස්කුඩු ගැසූ පසු පැන දුවයි…

Maimoonar

ඖෂධ ගන්න සල්ලි නෑ.. අපට කීය කීය හරි දෙන්න.. සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් යදී…

Maimoonar

ඉන්දු-ලංකා ගිවිසුම්වල ලබා දිය හැකි තොරතුරු ලබා දෙනවා..- කැබිනට් ප‍්‍රකාශක

Maimoonar