31.7 C
Colombo
February 26, 2026
NewsSportsSports News

හය වැනි කඩුල්ලේ සබඳතාව දැවැන්ත අවමානයකින් ශ්‍රී ලංකාව ගලවා ගනී

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවති දෙවන එක්දින කි‍්‍රකට් තරගයෙන් ලකුණු 67ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (30) සමත් වුණා.

දැඩි ආරක්‍ෂක රැකවල් මධ්‍යයේ කරච්චි ජාතික කී‍්‍රඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානු කණ්ඩායම නියමිත පන්දුවාර පනහේදි කඩුළු 7 ක් දැවී ලකුණු 305 ක් රැස් කළා.

එම ඉලක්කය හඹා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායමට පන්දුවාර 46 යි පන්දු 5 ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ 238 ක් පමණයි.

ශී‍්‍ර ලංකා ඉනිමේ මුල් කඩුළු 5 ලකුණු 28 ක් තුළ බිද වැටීම කැපී පෙනුනා. ශී‍්‍ර ලංකා කණ්ඩායම දැවැන්ත පරාජයක අවමානයෙන් ගලවා ගත් ෂෙහාන් ජයසූරිය සහ දසුන් ශානක 6 වන කඩුල්ලට ලකුණු 177 ක අගනා සබඳතාවක් ගොඩ නැගුවා.

එය වාර්තා වූයේ ශී‍්‍ර ලංකා පිතිකරුවන් දෙදෙනෙකු 6 වන කඩුල්ලට එක් කළ වැඩිම ලකුණු සබදතාව ලෙසයි. එහිදී ෂෙහාන් ජයසූරිය ලකුණු 96 ක් සහ දසුන් ශානක ලකුණු 68 ක් රැස් කළා.

පන්දු යැවීමේදී උස්මන් ශින්වාරි ලකුණු 51 කට බිද හෙළු කඩුළු සංඛ්‍යාව 5 ක්. තරග 3 කින් සමන්විත මෙම තරගාවලියේ එකට බින්දුවක් ලෙස පාකිස්තානු කණ්ඩායම පෙරමුණ ගෙන සිටිනවා. දෙරට අතර තුන්වන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගය කරච්චිහිදී හෙට (02) පැවැත්වීමට නියමිතයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

PCR පරීක්ෂණ මහජන ඉල්ලීම් අනුව කරන්නේ නැහැ – ඒවා කළ යුත්තේ වසංගත විශේෂඥයින්ගේ මඟ පෙන්වීමට සහ ඊට අදාළ සැලසුමකට අනුවයි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

Maimoonar

පොත්ත සුදුයි කී සත්වෝද්‍යාන ලොක්කී ඉවතට.. අලුත් කෙනෙක් පත් කරයි..

Maimoonar

අපොස සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනය පිළිබඳ අවසන් තීන්දුව අද හෝ හෙට – අධ්‍යාපන අමාත්‍ය

Maimoonar

6 comments

Comments are closed.