NewsSportsSports News

හය වැනි කඩුල්ලේ සබඳතාව දැවැන්ත අවමානයකින් ශ්‍රී ලංකාව ගලවා ගනී

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවති දෙවන එක්දින කි‍්‍රකට් තරගයෙන් ලකුණු 67ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (30) සමත් වුණා.

දැඩි ආරක්‍ෂක රැකවල් මධ්‍යයේ කරච්චි ජාතික කී‍්‍රඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානු කණ්ඩායම නියමිත පන්දුවාර පනහේදි කඩුළු 7 ක් දැවී ලකුණු 305 ක් රැස් කළා.

එම ඉලක්කය හඹා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායමට පන්දුවාර 46 යි පන්දු 5 ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ 238 ක් පමණයි.

ශී‍්‍ර ලංකා ඉනිමේ මුල් කඩුළු 5 ලකුණු 28 ක් තුළ බිද වැටීම කැපී පෙනුනා. ශී‍්‍ර ලංකා කණ්ඩායම දැවැන්ත පරාජයක අවමානයෙන් ගලවා ගත් ෂෙහාන් ජයසූරිය සහ දසුන් ශානක 6 වන කඩුල්ලට ලකුණු 177 ක අගනා සබඳතාවක් ගොඩ නැගුවා.

එය වාර්තා වූයේ ශී‍්‍ර ලංකා පිතිකරුවන් දෙදෙනෙකු 6 වන කඩුල්ලට එක් කළ වැඩිම ලකුණු සබදතාව ලෙසයි. එහිදී ෂෙහාන් ජයසූරිය ලකුණු 96 ක් සහ දසුන් ශානක ලකුණු 68 ක් රැස් කළා.

පන්දු යැවීමේදී උස්මන් ශින්වාරි ලකුණු 51 කට බිද හෙළු කඩුළු සංඛ්‍යාව 5 ක්. තරග 3 කින් සමන්විත මෙම තරගාවලියේ එකට බින්දුවක් ලෙස පාකිස්තානු කණ්ඩායම පෙරමුණ ගෙන සිටිනවා. දෙරට අතර තුන්වන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගය කරච්චිහිදී හෙට (02) පැවැත්වීමට නියමිතයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රතන සූත‍්‍රය දේශනාකරන්නැයි අගමැති සියලූ විහාරස්ථානවලින් ඉල්ලයි

Maimoonar

බැසිල්ගේ IMF ප‍්‍රකාශයට කබ්රාල්ගෙන් ප‍්‍රතිචාර…

Maimoonar

මහින්ද කහදගම අත්අඩංගුවට ගනී…

Maimoonar

6 comments

Comments are closed.